SKIP TO MAIN CONTENT

1818 ඌව වෙල්ලස්ස කැරැල්ලේ සිංහල විරුවන් 82 දෙනෙකු දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත් කරයි

viru
viru

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: News Sri Lanka



Skip to article content

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය හා නිදහස උදෙසා අභීත ව නැගී සිටිමින් සිදුකල ඓතිහාසික අරගලවලට පණ පෙවීම වරදක් සේ සළකා ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කළ අභීත සිංහල පුත්‍රයන් සැබෑ දේශප්‍රේමීන් ලෙස ශ්‍රි ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ   ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සුරතින් යලි වීරත්වයට පත් කෙරෙන ''උත්තමාභිවන්දනා ඓතිහාසික මහෝත්සවය'' හෙට (මාර්තු 01) පැවැත්වීමට නියමිතයි. හෙට (මාර්තු 01) ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.00 ට මහනුවර මඟුල් මඩුවේ දී මේය ආරම්භ වීමට නියමිත අතර මෙම උත්සවය සංවිධානය කරනු ලැබෙනුයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසිනි.

1818 ඌව වෙල්ලස්ස අරගලයට සහභාගීවීමේ හේතුව මත මරණ දණ්ඩනය නියම වුනු සහ රටින් පිටුවහල් කළ විරුවන් 82 දෙනෙකු පමණ දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත්  කරන ගැසට් පත්‍රය ජනාධිපතිවරයා විසින් මෙහිදී අත්සන් කිරීමට නියමිතය.  

මෙම ඓතිහාසික අවස්ථාව සඳහා මල්වතු, අස්ගිරි උභය පාර්ශ්වීය මහානායක ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, කථානායකතුමා ප්‍රමුඛ මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් හා මෙම විරු පවුල්වල ඥාතීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වීමට නියමිතය.

පසුගියදා ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ නිදහස් සටනට නායකත්වය දුන් වීර කප්පෙටිපොළ අධිකාරම් ඇතුළු විරුවන් වීරත්වයට පත් කිරීම ද සිදු කළ අතර එහි ගැසට් පත්‍රයද නිකුත් කළේ ය.

ඌව වෙල්ලස්ස අරගලයේ ඓතිහාසික පසුබිම හා එහි ක්‍රමික විකාශනය දැක්වෙන ප්‍රාසාංගික අංගයන් ද සහිතව මෙම අභිමානවත් ඓතිහාසික උත්සවය පැවැත්වෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now