SKIP TO MAIN CONTENT

ඉන්දියාව "තලාක්" නමැති මුස්ලිම් දික්කසාද වීමේ නීතිය තහනම් කරයි.

Indian politicians have approved a bill to end the Muslim practice of instant divorce
Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

මිනිසෙකුට තම බිරිඳ ක්ෂණිකව දික්කසාද කිරීමට ඉඩ සලසන සියවස් ගණනාවක් පැරණි මුස්ලිම් පිළිවෙත තහනම් කරන පනතක් ඉන්දියාවේ පාර්ලිමේන්තුව විසින් සම්මතකොට ගනී.

මෙම පැරණි මුස්ලිම් පිළිවෙතට අනුව අරාබි බසින් දික්කසාදය යන අර්ථය ඇති 'තලාක්' යන වචනය යම් පුද්ගලයෙකු තම බිරිඳ ඉදිරියේ තුන් වතාවක් පැවසීමෙන් ඔහුට තම බිරිඳගෙන් දික්කසාද විය හැකිව තිබිණ.

මම ක්‍රියාව තහනම් කිරීමේ නිතිය පාර්ලිමේන්තුවේදී සම්මත වුවද එය බලාත්මක වනුයේ ඉන්දීය ජනාධිපතිවරයා විසින් එම නීතියට අනුකුලතාව දක්වමින් අත්සන් කල පසු වේ. ඉන්පසුව මෙම ක්‍රියාව භාවිතා කොට තම බිරිඳගෙන් දික්කසාද වීමට තැත්  කරන  ඕනෑම මුස්ලිම් අයෙකු නීතියේ රැහැනට හසුකොට නඩු පැවරීම සිදුවෙයි.

ඉන්දියාව, මෙම 'තලක් ' වචනය භාවිත කරමින් දික්කසාද වීමේ නීතිය ව්‍යවස්ථාව ඇතුලත්ව නීත්‍යනුකුල භාවයට පත්ව පවතින රටවල් කිහිපයෙන් එකකි.

ඉන්දියාවේ නීති කටයුතු සම්බන්ද අමාත්‍ය රවී ශංකර් ප්‍රසාද් පවසනුයේ මෙම නිතිය අවලංගු කරලීමට හැකිවීම විශිෂ්ඨ ජයග්‍රහණයක් බවයි.

කෙසේ නමුදු මේ සඳහා චෝදනාකරන ඇතැම් පාර්ශව පවසා සිටිනුයේ ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජානතා පක්ෂය මුස්ලිම්වරුන්ට පහර දීම සඳහා හින්දු ජාතිකවාදී ආකාරයකින් කටයුතු කරන බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now