Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

පසුගිය පැය 24 තුල ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 843ක්, කොළඹින් පමණක් ආසාදිතයින් 480ක්

Coronavirus
Source: Pixabay/mattthewafflecat

පසුගිය පැය 24ක කාලය ඇතුලත ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ආසාදිතයින් 843 දෙනෙකු වාර්තා වී තිබේ.මේ අනුව සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංක්‍යාව 58,813 දක්වා ඉහල ගොස් තිබේ. ඊයේ දිනයේදී සිදු කල පරීක්ෂණ ඔස්සේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම කොරෝනා ආසාදිතයින් සංක්‍යාවක් වාර්තා වී ඇති අතර එම සංක්‍යාව 480ක් වේ.

මේ අතර ඊයේ දිනයේදී තවත් කොරෝනා මරණ 4ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංක්‍යාව 287ක් දක්වා ඉහල ගොස් තිබේ.

ඊයේ සිදු කල පරීක්ෂණ ඔස්සේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 75% ක් පමණ බස්නාහිර පළාතෙන් වාර්තා වීම පිළිබඳව අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක , වෛද්‍ය හරිත ලියනගේ සඳහන් කරන්නේ මෙම බරපතල තත්වය පිලිබඳව වහාම බලධාරීන් කටයුතු කලයුතු බවයි.

මේ අතර මාස 5කට පමණ පසු බස්නාහිර පළාතේ හුදෙකලා ප්‍රදේශ වල හැර සෙසු ප්‍රදේශ වල පාසල් සාමාන්‍ය පෙළ සිසුන් සඳහා විවුර්ත කොට තිබේ.


1 min read

Published

By Nipuna Dodangoda


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now