SKIP TO MAIN CONTENT

මෙවර ශ්‍රී ලංකා පළාත් පාලන මැතිවරණයේදී වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් පත්වන්නේ කුමන නගර සභාවටද?

Local government elction_ Sri Lanka

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

පළාත් පාලන මැතිවරණයේදි තැපැල් ඡන්දදායකයන් සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම ජනවාරි මස 25 හා 26 යන දෙදින තුළ සිදු කිරීමට ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම තීරණය කොට තිබේ. තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම පසුගිය 22 දින අවසන් කෙරුණි.

මෙවර පළාත් පාලන මැතිවරණයේදි පළාත් පාලන ආයතන 341ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂවලින් නාමයෝජනා 1786ක් හා ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා 232 ක් භාර දී තිබේ. එහිදි පිළිගත් දේශපාලන පක්ෂවල නාමයෝජනා 39ක්ද ස්වාධීන කණ්ඩායම්වල නාමයෝජනා 13ක්ද ප්‍රතික්ෂේවි තිබේ.

මෙහිදි මහ නගර සභා 24ක් , නගර සභා 41 හා ප්‍රාදේශීය සභා 276 ක් වෙනුවෙන් මැතිවරණය පැවැත්වෙන අතර මෙම ආයතන සඳහා මන්ත්‍රීවරු 8,486 ක් පත්වීමට නියමිතයි.

සංශෝධිත පළාත් පාලන මැතිවරණ පනතට අනුව 60%ක් කොට්ඨාස ක්‍රමයට සහ 40%ක් මනාප ක්‍රමයටද පත්වීමට නියමිතයි. ඒ අනුව මෙවර වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් පත්වන්නේ කොළඹ නගර සභාවෙන් වන අතර එය 113 දෙනෙක් ලෙසට වාර්තාවේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now