SKIP TO MAIN CONTENT

දිගම ඔසරි පොටේ ගිනස් වාර්තාවට විරෝධය : මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් පවසයි.

Longest saree for Gunnes record
Source: SBS Sinhala

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS


Skip to article content

 

යුග දිවියට එළැඹෙන මනාළියක ලොව දිගම ඔසරියෙන් සැරසී ගිනස් වාර්තාවකට හිමිකම් පෑම සදහා ‍කටයුතු කල තරුණියක් පිළිබඳව මහනුවරින් වාර්තා වේ.

මහනුවර කැන්ඩි ග්‍රෑන්ඩ් හෝටලයේදී ඔසරිය ඇදි ඇය ගන්නෝරුවට පැමිණීමෙන් පසු එහිවූ නිරීක්ෂණ කමිටුව හමුවේ සිය ඔසරිය දිග හරිනු ලැබුවාය.

රුවන් පුෂ්පකුමාර මහතා සමග අතිනත ගත් සජිනි ප්‍රියංගිකාගේ ඔසරි පොට කිලෝමීටර් තුනක් හා මීටර් දෙසීයක දිගින් යුක්ත විය. එම වාර්තාවට මීට පෙර හිමිකම් කියා ඇත්තේ ඉන්දීයානු යුවතියක වන අතර එම සාරියේ දිග කිලෝමීටර් දෙකක් හා මීටර් අටසියයකි.

Longest saree for Gunnes record
Source: SBS Sinhala

ලොරියක රදවා තිබුණු ඔසරි පොට පාසල් දැරියන් 250 දෙනෙකු විසින් අල්ලා සිටි අතර ගන්නෝරුව මංසන්ධියේදී දිග හරිනු ලැබූ එය ඊරියගම දක්වා දිග හරින ලදි. මෙම මනාල යුවල සදහා මල් කුමාරියන් 40ක් සහභාගීවීම ද විශේෂත්වයක් විය.

ලොව දිගම ඔසරි පොට සදහා හිමිකම් පෑමේ අවස්ථාව සදහා විශේෂ ආරාධිතයෙකු ලෙස මධ්‍යම පළාත් ප්‍රධාන ආමාත්‍ය සරත් ඒකනායක මහතා ද එක්විය.

කෙසේ වෙතත් පාසැල් නිල ඇඳුමින් සැරසුණු දරුවන් මෙවැනි පුද්ගලික කටයුත්තකට යොදා ගැනීමට එරෙහිව ගුරු සංගම් සහ දෙමාපිය විරෝධය එල්ලවී තිබේ. මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා තිබේ.

central province chief minster Sarath Ekanayaka
was at the longest sari Guinness record event Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now