SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ තවත් මැතිවරණ ආසන තුනක තියුණු ඡන්ද සටනක්.

Australian Federal Election 2019
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

පසුගිය සෙනසුරාදා (18/05) පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ඡන්ද ගණනය කිරීම තවමත් සිදුවෙමින් පවතින අතර බොහෝ දුරට බලයේ සිටි ලිබරල් සන්ධානයට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේ ආසන 78 ක් දිනාගැනීමට හැකියාවක් ලැබෙන බව වාර්තා වේ.

එමෙන්ම කම්කරු පක්ෂයට පාර්ලිමේන්තු ආසන 67 ක් හිමිවෙතැයි ද ස්වාධීන මන්ත්‍රීවරුන් 6 දෙනෙකු තේරී පත්වී ඇතැයිද සඳහන්.

ඒ අනුව ආසන 151 කින් සමන්විත ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේ කැපී පෙනෙන බහුතරයක් ලිබරල් සන්ධානයට හිමිවනු ඇත.

මේ වන විටත් ක්වීන්ස්ලන්තයේ Lilley, ටස්මේනියාවේ Bass  සහ නිව් සවුත් වේල්ස් හි Macquarie යන මැතිවරණ ආසන වල ප්‍රධාන පක්ෂ දෙක අතර තියනු තරගයක් ඇති බව වාර්තා වේ.

නමුත් මේ වන විට ලිබරල් සන්ධානය Bass සහ Macquarie මැතිවරණ ආසන වල ඉදිරියෙන් සිටින බවත් කම්කරු පක්ෂය Lilley ආසනයේ ඉදිරියෙන් සිටින බවත් සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now