Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ජනප්‍රිය රෝහල් සංකල්පය වෙනුවට පහසුකම්වලින් යුතු රෝහල් පද්ධතියක් ලංකාවේ ස්ථාපිත කරනවා :නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි

New Health Director Genaral Dr.Anil Jasinghe Visit Malwathu Maha Nayake Himi

Source: SBS Sinhala

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රෝහල් සංකල්පය වෙනුවට ප්‍රමාණවත් පහසුකම්වලින් යුතු රෝහල් පද්ධතියක් රටපුරා ස්ථාපිත කරන බව නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

රෝහල් පහසුකම් පුළුල් කිරීම කඩිනමින් කළ හැකි නමුත් මානව සම්පතින් එය සම්පූර්ණ කිරිමට තරමක කාලයක් ගතවන බවත් ඉදිරි වසර කිහිපය තුළ මානව සම්පත පිළිබද ගැටලුව නිරාකරණය වනු ඇතැයි මහනුවරට පැමිණි ඒ මහතා මල්වතු මහා විහාරයේදි එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැ දකිමින් මේ බව කිවේය.

ග්‍රාමීය රෝහල් දියුණු කිරිමේදී එම රෝහල් සදහා ප්‍රමාණවත් වෛද්‍ය කාර්යය මණ්ඩලයක් නොමැතිවීම ගැටලුවක් වන බවත් පත්වන බොහෝ දෙනෙකු වැඩිකැමැත්තක් දක්වන්නේ ජනප්‍රිය නාගරික රෝහල් කරා පැමිණීමට යැයි කී වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

"... ලංකාවේ ග්‍රාමීය රෝහල් සියල්ල වර්ෂ 2020 වන විට අංග සම්පූරණ රෝහල්බවට පත් කිරීමට රජය වැඩපිළිවෙලක් යොදා තිබෙනවා. වකුගඩු රෝගයෙන් ජනතාව මුදා ගැනීම සදහා වකුගඩු රෝහලක් පොළොන්නරුවේ ඉදිකරමින් තිබෙනවා. වකුගඩු ප්‍රතිකාර හා රුධිර කාන්දුකරණ කටයුතු වෙනුවෙන් විශාල මුදලක් රෝගීන්ට දැරිමට සිදුවෙනවා. මේ නිසා රෝගීන් වෙනුවෙන් රුධිර කාන්දුකරණ යන්ත්‍ර වර්ෂ 2018 පමණ වන විට දහසක් දක්වා වැඩිකිරීමට රජය කටයුතු කරනවා. මේ වන විට එම යන්ත්‍ර 400ක පමණ ප්‍රමාණයක් රෝහල්වල තිබෙනවා.

වසර ගණනාවක් පැවැත ඖෂධ මාෆියාව බිද දැමීමට ජනාධිපතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යවරයාට හැකිවුණා. මේ නිසා ඖෂධ වර්ග ගණනාවක මිල බෙහෙවින්ම පහත හෙළුණා. වෙනත් රටවලට සාපේක්ෂව ශ්‍රීලංකාවේ ඖෂධ මිල ඉතා පහළ මට්ටමකයි පවතින්නේ. ඇතැම් ඖෂධ සමාගම් සිය වෙළද පළ රැක ගැනීම සදහා ශ්‍රී ලංකාවට ඖෂධ අලෙවි කරනවා. ඔවුන්ට ලැබෙන ලාභය ඉතා අඩු මට්ටමට පත්ව තිබෙනවා. දැන් මේ තුළින් ජනතාවට විශාල සහනයක් හිමිවී ඇති බව පැහැදිලිව දැකිය හැකියි...."

ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි අවධියේ සිට උත්සහ කළ ඖෂධ වෙළද අධිකාරි බලය බිදීම තුළින් අහිංසක ජනතාවට සහනයක් හිමිවූ බව මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් පැවසූහ.  ඉහළ අගයක පැවැති ඖෂධ මිල නිසා ජනතාව දැඩි පීඪාවට පත්ව සිටි බවත් ඇතැම් අවස්ථාවල ඖෂධ ගිගයක් පවා මවා පෙන්වූ බව උන්වහන්සේ සදහන් කළහ.

සිතු පරිදි වෛද්‍යවරුන් වර්ජන කරා යොමු නොවිය යුතු බවත් වෛද්‍ය වර්ජන හේතුවෙන් අහිංසක රෝගීන් පීඩාවට පත්වනු මධ්‍ය මගින් නිරන්තරයෙන් පෙන්වන බව කී උන්වහන්සේ ග්‍රාමීය රෝහල් දියුණු කිරීමේ වැඩිපිළිවෙලක් දියත් කළ යුතු යැයි කීවේය.

නදීක දයා බණ්ඩාර - ශ්‍රී ලංකාවේ සිට වාර්තා කල තොරතුරු ඇසුරිණි.


2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now