SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ සුපිරිතම වමත් දඟ පන්දුව ටෙස්ට් පිටියෙන් සමුගනියි.

Rangana Herath to retire after first England Test
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරිතම වමත් දඟ පන්දු යවන්නා සහ ලොව වමත් දඟ පන්දු යවන්නන් අතර වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් දඟ පන්දු යවන්නා ලෙස හැඳින්වෙන රංගන හේරත් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද (22/10) නිවේදනය කළේය.

ඒ අනුව සංචාරක එංගලන්ත කණ්ඩායම සමග එළඹෙන නොවැම්බර් 06 වන දින ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසුව රංගන හේරත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව සඳහන්.

1999 වසරේ සිය මංගල ටෙස්ට් තරගයට රංගන සහභාගි වූයේත් ගාල්ල ක්‍රීඩාංගනයේදීම වීම සුවිශේෂී සිදුවීමකි.

ගාල්ල ක්‍රීඩාංගනයේදී වැඩිම ටෙස්ට් කඩුලු 100 ක් ලබාගත් දෙවැනි ක්‍රීඩකයා බවට පත්වීමට රංගනට ලබා ගැනීමට ඉතිරිව ඇත්තේ තවත් එක් කඩුල්ලක් පමණි.

මීට පෙර එම කඩුලු 100 ලබා ඇති එකම ශ්‍රී ලංකා පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන්ය.

මේ වන විට ටෙස්ට් තරග 92 කදී කඩුලු 430 ක් ලබා ඇති රංගනගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ 2014 වසරේ පාකිස්තානයට එරෙහිව කොළඹදී පැවති ටෙස්ට් තරගයේ ලකුණු 127 කට කඩුළු 9 ක් දවා ගැනීමය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now