Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා සිව්වන එක් දින තරගය - පිට පිට 4 වන වරටත් ශ්‍රී ලංකාවට පරාජය.

Sri Lanka tour of South Africa
Source: Getty Images

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (13/03) පෝට් එලිසබෙත්හිදී පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදී 4-0 ක් ලෙස එක්දින තරඟාවලිය ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත්ව සිටියි.

කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කල අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට තම පළමු ඉනිම සඳහා ඕවර 39 යි පන්දු 2 කදී සියලු දෙනාම දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 189 ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 32 යි පන්දු 5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 190 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ 9 වෙනි පිතිකරු ලෙසට පිටියට පිවිසි ඉසුරු උදාන අනර්ඝ පිතිකරණයක නියැලෙමින් පන්දු 57 කදී වේගවත් ලකුණු 78 ක් රැස්කළේය.

මෙයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් ඇතුලත් විය.

ලකුණු 97 කට කඩුලු 7 ක් බිඳ වැටී අඩ පණවී තිබූ ශ්‍රී ලංකා ඉනිමට ජීව ගුණය එක්කල ඉසුරු උදාන, අවසන් පිතිකරුවා වූ කසුන් රාජිත සමග එක්ව 10 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනැගීම විශේෂත්වයක් විය .

දෙරට අතර අවසාන එක් දින තරගය එළඹෙන මාර්තු 16 වන දින පැවැත්වීමට නියමිතය.


2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now