කැනඩා වෙඩිතැබිම : ප්‍රහාරකයාගේ අරමුණ තවමත් අපැහැදිලියි

canada

Source: AP

UPDATE -

කැනඩාවේ ටොරොන්ටෝ නුවර අවන්හලක් අසල විදියකදී සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමකින් දෙදෙනෙකු මිය ගොස් , 13 දෙනෙකු තුවාල ලබා ඇතියි වාර්තාවේ. ගිනි අවියක් අතැතිව වීදි සංචාරය කරමින් පුද්ගලයෙකු විසින් ජනයාට වෙඩි තැබීම සිදු කොට තිබේ. මියගොස් ඇත්තේ 18 හැවිරිදි කාන්තාවක් හා 10 හැවිරිදි දැරියක් බව සඳහන්.

වෙඩි තැබූ පුද්ගලයා වයස 29 ක පුද්ගලයෙකු වන අතර එය කුමක් අරම්භයා සිදුකළේද යන්න පිළිබඳව මෙතෙක් හෙළිව නොමැත. පසුව මෙම වෙඩිතැබිම සිදුකල පුද්ගලයාද තමාටම වෙඩිතබා ගැනීම හේතුවෙන් මියගොස් ඇති වාර්තා වේ.

 ටොරෙන්ටෝ පුරපති ජෝන් ටොරෝයි පවසා සිටිනුයේ නගරයේ පවතින අධික ගිනි අවි භාවිතය පාලනය කල නොහැකි මට්ටමට පැමිණ ඇතිබවයි.

 2018 වසරේ ටොරෙන්ටෝ නගරයේ ගිනි අවි ක්‍රියාකාරකම් හේතුවෙන් මෙතෙක් සිදුවී ඇති මරණ සංක්‍යාව 53% ක් දක්වා වර්ධනය වී ඇති අතර වෙඩි තැබීම හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 13% කින් ඉහල ගොස් ඇතැයිද වාර්තා වේ.

 

 


1 min read

Published

Updated

By Charitha Adikari, Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now