SKIP TO MAIN CONTENT

පවතින දේශපාලනික ව්‍යාකූල තත්වය වහාම යථා තත්වයට පත්කරන්න : මල්වතු මහනායක හිමියෝ ජනපතිට හා අගමැතිට දැනුම් දෙති

Malwathu chapter.
Source: SBS Sinhala

2 min read

Published

Updated

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

ව්‍යාකූලත්වයක් හා අස්ථාවරත්වයක් ඇති නොවන සේ රාජ්‍ය පාලනය මෙහෙයවීම රජය සතු බලවත් වගකීමක් යැයි මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ සදහන් කරති.

පෙබරවාරි මස 10 වන දින පැවැති ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභා මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු මෙරට උද්ගතවී ඇති ව්‍යාකූල, අස්ථාවර හා අවිනිශ්චිත ස්වාභාවය ජනතාවගේ අභිවෘද්ධියට හා යහපැවැත්මට මෙන්ම සමගිය සමාදානය හා සහජීවනයට බලවත් බාධාවක් යැයි උන්වහන්සේ සදහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් මේ බව සදහන් කරන උන්වහන්සේ, මෙම තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යාමෙන් රාජ්‍ය පාලනයේ බිදවැටීම හා ආර්ථික පරිහානිය සිදුවන බව ද උන්වහන්සේ එම ලිපියේ නිවේදනය කොට තිබේ.

මෙම තත්ත්වය කෙරෙහි විශේෂ අවධානය යොමු කොට ඉකුත් 2015 ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ජනතාවට ලබා දුන් පොරොන්දු අනලස්ව ඉටු කිරීමට කාලය එළැඹ ඇතැයි මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් කියති.

විශේෂයෙන්ම ගම් ප්‍රදේශ වල ගොවි, කම්කරු හා මධ්‍යම පාන්තික ජනතාවගේ ජීවන බර හා ගැටලු විසදීමට කටයුතු කිරීම හා ජාතික ආගමික, සංස්කෘතික හා ආර්ථික අභිවර්ධනය මෙන්ම සාමය සමාදානය ඇති කිරිම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කළ යුතුව පවතී.

එබැවින් රටේ සියලු පාර්ශවයන් හා එක්ව රටේ සමෘද්ධිය හා සෞභාග්‍ය උදාකර ගැනීම සදහා පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට උත්සහ දැරීම වඩා සුදුසු බව සිහිපත් කරන්නේ යැයි අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ සදහන් කරති.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now