SKIP TO MAIN CONTENT

වික්ටෝරියානු හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වලට ලැව් ගිනි වලින් දැඩි හානි.

Bush fire in Tasmania & Victoria
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

පසුගිය සති අන්තයේ වික්ටෝරියා ප්‍රාන්තයේ  නිරිත දිග කලාපයේ හටගත් ලැව් ගිනි තත්ත්වය හේතුවෙන් නිවාස 18 ක් පමණ මුළුමනින්ම විනාශ වී ඇති බව විශ්වාස කෙරෙන බව වික්ටෝරියා ප්‍රාන්තයේ හදිසි සේවා අංශ පවසයි.

මේ අතර ගොවිපොළ දේපළ විශාල ප්‍රමාණයක්ද අදාළ ගොවිපොළ වල සිටි සතුන් විශාල සංඛ්‍යාවක්ද මෙම ගින්නෙන් විනාශ වන්නට ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ වන විටත් හෙක්ටයාර 40,000 ක් පමණ මෙම ලැව් ගින්නෙන් විනාශ වී ඇති අතර ගිනි නිවන භටයින් 700 ක් පමණ අද දිනයේදීද ගිනි නිවීමේ කටයුතු වල නිරත වන බව වික්ටෝරියානු හදිසි අවස්ථා කළමනාකරණ ආයතනයේ කොමසාරිස්  Craig Lapsley, Sky පුවත් සේවයට පැවසීය.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගිනිකොන දිග කලාපයේ හටගත් ලැව් ගිනි තත්ත්වය හේතුවෙන් Bega  ප්‍රදේශයේ නිවාස 70 කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇතැයි වාර්තා වේ.

ප්‍රදේශයේ ඇතිවූ ලැව් ගිනි තත්ත්වයේ අවදානම් තත්ත්වය මේ වන විට පහත බැස ඇති බවත් හෙක්ටයාර 1000 කට වැඩි ප්‍රමාණයක් ගින්නට හසුවී ඇති බවත් වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now