SKIP TO MAIN CONTENT

UNP යේ ප්‍රධාන තනතුරු කිහිපයක් මේ මස අවසානයේදී වෙනස් වනවා : අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ගෙන් ඉඟියක් (වීඩියෝ සහිතයි)

Minister Harin Fernando _ Sri Lanka
Minister Harin Fernando _ Sri Lanka Source: SBS Sinhala

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු කිහිපයක වෙනසක් මෙම මාර්තු මස අවසන්වීමට ප්‍රථම සිදුවන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ සිටී.

ඒ පිළිබදව සාකච්ඡාවට කිහිපයක් තිබුණු බවත් තමන් ඉන් තුනකට සහභාගීවූ බව ඊයේ (මාර් .18) මහනුවර පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ කරුණු හෙළිදරව් කරමින් අමාත්‍යවරයා සදහන් කළේය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය, මහ ලේකම් යන තනතුරු ඇතුලු තනතුරු කිහිපයක් වෙනස්වී ඒ සදහා තරුණ කණ්ඩායම් සදහා අවස්ථාව හිමිවීමට නියමිත යැයි අමාත්‍යවරයා කීවේය.

වත්මන් ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවට හෝ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව දෝෂභියෝගයකට ඡන්දය දෙන්නේ නම් ඔවුන් සමග ඉදිරියේදි ආණ්ඩු කිරීම ගැටලුවක් වන බව කී අමාත්‍යවරයා වැඩිදුරටත් ඒ පිළිබඳව මෙසේ ප්‍රකාශ කොට සිටියේය.

"....ආණ්ඩුවට තව තිබෙන්නේ මාස 18ක කාලයක් පමණයි. පළාත් සභා මැතිවරණයෙන් ජනතාව පුංචි රිදවීමක් කළා. ඒ ආණ්ඩුව ගෙදර යැවීමට නොව ආණ්ඩුවට නිසි මගට ප්‍රවේශවන ලෙස දැනුම්දීමක්. ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතුව තිබුණා. නමුත් නායකයන් දෙපසට වී ගහගන්නවාට වඩා ජනතාවට දුන් පොරොන්දු දැන්වත් ඉටු කළ යුතුයි. ආණ්ඩුව දැන්වත් ජනතාව ඉල්ලන අරමුණ කරා යා යුතුයි. අපට තව ඉතිරිව තිබෙන කාලය කෙටි කාලයක්. ඒ තුළදී කවුරුන් එළවලා කවරුන් බලයට ගෙන එන්නේ ද යන්න සිතා බැලිය යුතුයි. මේ රටේ ඉන්න ජනතාව බුද්ධිමත්.

දෝෂාභියෝගයේදී වෙනත් වෙනත් පක්ෂ කුමන ඡන්දයක් ප්‍රකාශ කළත් එක්සත් ජාතික පක්ෂය ඉන්නේ එකම මතයකයි. පක්ෂයට අතීතයේ මීට වඩා අර්බුද පැමිණි අවස්ථා තිබුණා. නමුත් පක්ෂය සැලුනේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය රැකගෙන එදා සිට මේ දක්වා අභිත ගමනක පැමිණිය...." අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

------------- SBS සිංහල වැඩසටහනේ මහනුවර වාර්තාකරු නදීක දයා බණ්ඩාර වාර්තා කරයි --------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now