2018 විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේදී ජර්මානු ක්‍රීඩිකා Julia Goerges පරාජයට පත් කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබන්නට සුපිරි ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් ඊයේ (12 බ්‍රහස්පතින්දා ) සමත්විය. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ තම දියණිය Olympia බිහිකල සෙරීනා වසරකට ආසන්න කාලයක් ටෙනිස් ක්‍රීඩාවෙන් විරාමයක් ලබාගත් අතර තවමත් ටෙනිස් ක්‍රීඩා පිටිය තුල ශක්තිමත් ක්‍රීඩිකාවක් පසක් කරමින් මෙලෙස විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ අවසන් තරගයට සුදුසකම් ලැබීම සුවිශේෂී සිදුවීමක්. තම දරු උපතින් පසුව විවිධ හේතු නිසා තමන් ශල්‍ය කාර්ම හතරකට පමණ මුහුණ දුන් බව සෙරීනා අවසන් පුර්ව තරගයෙන් පසුව ප්‍රකාශ කර තිබිණි. සෙරීනා විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අවසන් තරගයට සුදුසුකම් ලැබූ 10 වැනි වතාව මෙය වන අතර හත් වතාවක් ශුරතාවය හිමි කරගන්නට සමත් වී තිබේ.
මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ අවසන් තරගය ජරමානු ක්‍රීඩිකා Angelique Kerber සහ සෙරීනා විලියම්ස් අතර හෙට (14 සෙනසුරාදා ) පැවැත්වීමට නියමිතයි.

