SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා කණ්ඩායමේ පකිස්තාන සංචාරයට නැවතත් ත්‍රස්ත තර්ජන

SL Cricket Image
Source: Getty Images

1 min read

Published

Updated

By Gamidu Agampodi


Skip to article content

එළඹෙන පාකිස්තානු සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්තවාදී තර්ජනයක් ඇතිවිය හැකි බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා තිබුණේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා මෙම විශ්වාසදායක තොරතුරු ලැබුනු බවයි.

මෙම තත්වය හේතුවෙන් පාකිස්තානු තරඟ සංචාරයට පෙර එරට ආරක්ෂක තත්ත්වය පිළිබඳව ‘නැවත තක්සේරුවක්’ සිදුකිරීමට සහාය ලබා දෙන ලෙස ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක්ද කර තිබෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් එක් දින සංචිතයේ නායක දිමුත් කරුණාරත්න සහ විස්සයි විස්ස සංචිතයේ නායක ලසිත් මාලිංග යන අය පාකිස්තානු සංචාරයට එක්වීම සඳහා මීට පෙරදී අකමැත්ත පළ කිරීම හේතුවේන් එක් දින සංචිතයේ නායකයා ලෙස ළහිරු තිරිමාන්නද විස්සයි විස්ස සංචිතයේ නායකයා ලෙස දසුන් ශානකවද පත් කර ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේදී එක්දින තරග 3කට සහ විස්සයි විස්ස තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිත අතර තරගාවලිය සැප්තැම්බර් මස 27 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

2009 වසරේදී පකිස්තානයේ සංචාරයක නිරතවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එරට ලාහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වුණි.

එම ප්‍රහාරයෙන් වසර දහයකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානයේ සංචාරයකට සූදානම් වීම විශේෂත්වයකි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now