SKIP TO MAIN CONTENT

IS ත්‍රස්ත සාමාජිකයෙකුට වැරදීමකින් ඔස්ට්‍රේලියාවේ සරණාගත වීසා ලබා දෙයි.

Australian Visa
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

IS ත්‍රස්ත ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයෙකු හට ඔස්ට්‍රේලියාවේ සරණාගත වීසා ලබා දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් Australian Security Intelligence Organisation හෙවත් ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි අංශ සංවිධානයට එල්ලවෙමින් පවතින චෝදනා වලට ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton පිළිතුරු දී තිබේ.

ඉරාක සරණාගතයෙකු ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණ සරණාගත වීසා ලබා ඇති IS ත්‍රස්ත ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයෙකු පිළිබඳ පසුගිය දිනවල පුවත් වාර්තා වීමෙන් අනතුරුව මෙම ගැටළුව ඉස්මතුවන්නට විය.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි අංශ සංවිධානයේ පරිපාලනමය අත්වැරැද්දකින්  බවද මේ වන විට වාර්තා වේ.

කෙසේවෙතත්, පසුගිය සමයේ අනවසර යාත්‍රා 800 කින් පමණ නීති විරෝධී සංක්‍රමණිකයින් 50,000 කට අධික ප්‍රමාණයක් පැමිණි විට එය ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි අංශ සංවිධානයට දැඩි පීඩනයක් එල්ල කළ බවත් මෙවැනි අත්වැරදීම් ඒ තත්ත්වය යටතේ සිදුවිය හැකි බවත් අමාත්‍ය Peter Dutton පෙන්වා දුන්නේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now