SKIP TO MAIN CONTENT

සුපිරි ටෙනිස් තරුවට ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාව අහිමි කරවමින් $17,000 ක දඩ මුදලක්.

US Open women’s singles final
Source: AP

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

මේ දිනවල පැවැත්වෙන ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා කේවල අවසන් මහ තරගයේදී ලෝක ප්‍රකට ඇමෙරිකානු ටෙනිස් ශූරිය වන සෙරීනා විලියම්ස්ව  6-2 සහ 6-4 ක් ලෙසින් පරාජයට පත්කරමින් ජයගැනීමට ජපානයේ නයෝමි ඔසාකා සමත්විය.

ඒ අනුව නයෝමි ඔසාකා ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතාවක් ජයගත් පළමු වැනි ජපන් ක්‍රීඩිකාව ලෙසද ඉතිහාසයට එක්වූවාය.

US Open women’s singles final
Source: Twitter

සෙරීනා හමුවේ ආක්‍රමණශීලී ආරම්භයක් ලබාගත් ඔසාකා 6-2 ක් ලෙස පළමු වටය ජයගත් අතර දෙවැනි වටය ක්‍රියාත්මක වෙමින් තිබියදී සෙරීනාගේ පුහුණුකරු පැට්ට්‍රික් මොරටෙග්ලූ විසින් ප්‍රේක්ෂකාගාරයේ සිට ඇයට උපදෙස් දීමට උත්සාහ කිරීම නිසා පිටියේ සිටි විනිසුරු විසින් සෙරීනාට ආචාර ධර්ම බිඳ හෙළීමේ චෝදනාව එල්ල කරන ලදී.

එයින් කෝපයට පත් ඇය තමන්ගේ ටෙනිස් පිත්ත පොළොවේ ගැසුවාය.

එය තවත් වැරද්දක් බවට ගණන් ගැනිණි.

මේ හේතුවෙන් නයෝමි ඔසාකාට එක් ලකුණක් ප්‍රදානය කෙරිණ.

මේ සිදුවීම් හමුවේ දෙවැනි වටය 6-4 ක් ලෙසින් අවසන් වුයේ අවස්ථා හයකදීම ඇමරිකානු විවෘත ශූරතාව දිනා සිටින සෙරීනා විලියම්ස්ට 2018 ශූරතාව අහිමි කරවමිනි.

සෙරීනා ටෙනිස් නීති උල්ලංඝනය කළ බව පවසමින් ඇයට ඇමෙරිකානු ඩොලර් 17,000 ක දඩ මුදලක්ද පනවා  තිබේ.

ලෝකයේ සුපිරි ටෙනිස් ශූරිය ලෙස තවමත් කිරුළු පැළඳ සිටින ඔස්ට්‍රේලියාවේ ප්‍රවීණ ටෙනිස් ක්‍රීඩිකා මාග්‍රට් කෝට්ගේ ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 24 ලෝක වාර්තාව හඹා ගිය සෙරීනාට ඒ වෙනුවෙන් අවශ්‍ය වූයේ තවත් එකක් පමණි.

සෙරීනා මේ වන විටත්  ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 23 ක් ජයගෙන සිටියි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now