SKIP TO MAIN CONTENT

අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව ICC ය තීන්දු කරයි.

Akila Dananjaya found to have illegal bowling action
Source: AFP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රිකට් කවුන්සිලය ඊයේ (10/12) නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

ඒ අනුව ධනංජය සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගන්නා තෙක් ඔහුට අන්තර්ජාතික ක්‍රිකට් තරගවලදී පන්දු යැවීම තහනම් බව ICC ය පවසයි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව අකිල ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල විය.

ඉන් අනතුරුව පසුගිය නොවැම්බර් 23 වැනිදා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හිදී ඒ සඳහා වන පරීක්ෂණයකට පරික්ෂණයකට ඔහු පෙනී සිටියේය.

පන්දු යැවීමේදී අකිල ගේ අත, වැළමිටෙන් අංශක 15 කට වඩා නැමෙන බව එම පරීක්ෂණයේ ප්‍රතිඵල සනාථ කර තිබේ.

ඒ අනුව ඔහු සිය ඉරියව්ව නිවැරදි කරගෙන නැවත වරක් පරීක්ෂණයකට පෙනී සිටිය යුතු අතර එතෙක් ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරය මත දේශීය තරග සඳහා පමණක් සහභාගි විය හැකිය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now