SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - පාකිස්තානු ටෙස්ට් තරගාවලියේ ආරක්ෂක තත්ත්වය සොයාබැලීම සඳහා ශ්‍රී ලංකාවේ විශේෂ නියෝජිතයින් දෙදෙනකු අනිද්දා පාකිස්තානයට.

Security delegation from SLC to visit Pakistan
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පාකිස්තානයේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධ නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ නියෝජිතයින් දෙදෙනෙකු පාකිස්තානය වෙත යාමට නියමිතය.

එම විශේෂ නියෝජිතයින් දෙදෙනා අනිද්දා දිනයේදී පාකිස්තානයේ කරච්චි නුවරට ලඟා වීමට නියමිත බවද වාර්තා වේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ එළඹෙන ඔක්තෝබර් මාසයේදී ටෙස්ට් තරග දෙකක් පැවත්වීමට නියමිත අතර ඒවා කරච්චි සහ ලාහෝර් නුවරදී පැවැත්වීමට පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය අපේක්ෂා කරයි.

නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමකට පාකිස්තානයේදී මුහුණ දීමට සිදුව ඇති ආරක්ෂක ගැටළු නිසා මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ද අදහසක් තිබේ.

2009 වසරේ මාර්තු මාසයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව මේ දක්වා ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් සඳහා කිසිදු විදේශ කණ්ඩායමක් පාකිස්තානයට පැමිණ නොමැත.

නමුත් ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ එක් කණ්ඩායමක් තම මව් රටේදී අවම වශයෙන් ටෙස්ට් තරග දෙකක් හෝ ක්‍රීඩා කළ යුතුයි යන නීතිය යටතේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරග ද්විත්වය පාකිස්තානයේදී පැවැත්වීමට පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය දැඩි උත්සාහයක නිරත වෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now