SKIP TO MAIN CONTENT

ඔස්ටෙ‍්‍රලියාවේ ප්‍රාන්ත දෙකක හා ටෙරටරියක ලැව් ගිනි ඇතිවීමේ අවදානම ඉහළ යයි

Total fire ban declared in SA regions as temperature soars
Source: Getty Images

1 min read

Published

Updated

By Gamidu Agampodi


Skip to article content

නිව් සවුත් වේල්ස්, ටස්මෙනියා යන ප්‍රාන්ත සහ ඔස්ටෙ‍්‍රලියානු කැපිටල් ටෙරටරියෙහි තද සුළං සහිත උණුසුම් කාළගුන තත්වයන් ඇති වීම නිසා ලැව් ගිනි ජාලා ඇති වීමේ අවදානම ඉහළ ගොස් ඇත.

අද දිනය (29/10) තුල නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙහි නැගෙනහිර පෙදෙස් තුල ලැව් ගිනි ඇති වීමේ අවදානම ඉහළ වන අතර එම ප්‍රාන්තයෙහිම වයඹ සහ උතුරු දෙසෙට ඇති ප්‍රදේශයන්හි ලැව් ගිනි ඇති වීමේ අවදානම ඉතාමත් ඉහළ බව සඳහන් වෙයි.

එසේම ඔස්ටෙ‍්‍රලියානු කැපිටල් ටෙරටරිය තුල ද ලැව් ගිනි ඇතිවීමේ අවදානම අද (29/10) ඉතමත් ඉහළය.

මේ අතරවාරයේදී ටස්මෙනියා ප්‍රාන්තය තුල 45 km/h පමණ වේගයෙන් යුත් තද සුළං සහිත වියළි කාළගුනයක් බලාපොරොත්තු විය හැකියි. මේ හේතුවෙන් බලධාරීන් විසින් ප්‍රාන්තයෙහි දකුණු දෙසට ඇති පෙදෙස් තුල Total fire ban හෙවත් කිසිදු ගිනි ආශ්‍රිත කටයුත්තක් සිදු කිරීම තහනම් කර ඇත.

මෙම සතිය පුරාම උණුසුම් කාළගුණ තතවයන් පැවතිය හැකි බවට කාළගුණ විද්‍යාඥයින් පුරෝකථනය කර ඇති බැවින් ගිනි ආශ්‍රිත කටයුත්තක් සිදු කිරීම තවදුරටත් තහනම් වනු දැකිය හැකි බව වාර්තා වෙයි.

Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now