SKIP TO MAIN CONTENT

සුනිල් හදුන්නෙත්ති කෝප් කමිටු සභාපති ලෙස නැවත පත් කෙරේ.

Hadunhetti re-elected as COPE Chairman
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස නැවත වරක් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ‍08 වෙනි පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය පසුගිය මැයි 08 වනදින ආරම්භ කෙරුණු අතර එහිදී පෙර පැවති කෝප් කමිටුවම යළි පත් කීරීමට යෝජනා කෙරිණි.

එහෙත් පසුගිය කෝප් කමිටුවේ සාමාජිකයෙකුව සිටි වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා වෙනුවට ඒ සඳහා ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා පත් කර තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගෙන් සමන්විත නව කෝප් කමිටුව ඊයේ (07/06) පළමු වරට රැස් විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now