SKIP TO MAIN CONTENT

කලබල මැද්දේ ජනපති මෛත්‍රී විසින් පොලිස්පති අනිවාර්ය නිවාඩු යවා අගවිනිසුරු ඇතුළු නව තනතුරු කිහිපයක් සඳහා පත්වීම් ලබාදේ

New appointments from the President
New appointments from the President Source: SBS Sinhala

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

නව අගවිනිසුරු, වැඩබලන නීතිපති, වැඩබලන පොලිස්පති සහ නව විගණනාධිපති ඇතුළු නව පත්කිරීම් කිහිපයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද (අප්‍රේල් 29) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදී.

ඒ අනුව නීතිපති ජයන්ත ජයසූරිය මහතා නව අගවිනිසුරු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ අනුව වැඩ බලන නීතිපතිවරයා වශයෙන් සොලිස්ටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා පත්කර තිබේ.

වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා දිවුරුම් දී ඇති අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යවා ඇති බව වාර්තා වෙයි

මේ අතර අතිරේක විගණාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා නව විගණකාධිපතිවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ අතර ඔවුන්ට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ප්‍රදානය කිරීම සිදු කෙරිණ.

sources

President media unit - Sri Lanka

SBS correspondent - Nadeeka Bandara 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now