SKIP TO MAIN CONTENT

වයසට නොයන බොලිවුඩ් සුපිරි තරුව ඩුබායි හිදී වයසට තිත තබයි.

Bollywood star Sridevi dies at 54
Sridevi Source: Daily Mirror

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නිළි ශ්‍රී දේවී කපූර් ඩුබායිහී පැවති පවුලේ මංගල සාදයක් සඳහා සහභාගීව සිටින අතරතුර දිවියෙන් සමුගත්තාය.

මිය යනවිට 54 වැනි වියෙහි පසුවූ ඇය ඩුබායි වෙත ගොස් තිබුනේ පවුලේ ඥාතී විවාහ උත්සවයක් සඳහා වන අතර එයට  සහභාගී වෙමින් සිටියදී හෘදයාබාධය වැළඳී රෝහල් ගත කිරීමෙන් පසුව මියගිය බව වාර්තා විය.

ශ්‍රී දේවිගේ සැමියා වන්නේ ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර් වන අතර ඇයට දියණියන් දෙදෙනෙක් සිටියි.

වසර 4 සිට සිනමාවට සම්බන්ධ වූ ඇය ඉන්දියාවේ ප්‍රධාන සිනමා චිත්‍රපට වන දෙමළ, තෙලිඟු, කණ්නඩි, මලයාලම් සහ හින්දි යන සියලු චිත්‍රපට වල රගපා ඇත. 

පිරිමි සුපිරි තරුවක් නොමැතිව චිත්‍රපටයක් ජනප්‍රියත්වයට ගෙනයා හැකි අල්පයක් වන ඉන්දීය නිලියන්ගෙන් ප්‍රධාන තැනැත්තිය ලෙස ශ්‍රී දේවී සලකනු ලබයි.

ඇය ඉන්දීය සිනමාවට දැක්වූ මහඟු මෙහෙවර වෙනුවෙන් 2013 වසරේදී ඉන්දීය රජය ඇයට පද්ම ශ්‍රී සම්මානය පුදනු ලැබුවේය.

ශ්‍රී ලංකාවේ උපත ලද බව්ට වාර්තා වන ශ්‍රී දේවි වයසට නොයන නිළියක් ලෙස බොලිවුඩයේ ප්‍රසිද්ධ වී තිබුණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now