SKIP TO MAIN CONTENT

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය : ධවාන් සහ කෝලි ගේ සුපිරි පිතිකරණය හමුවේ කැන්ගරුවන් ඉන්දියාවට පරදියි.

ICC Cricket World Cup 2019
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (09/06) පැවති තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 36 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5 කට ලකණු 352 ක් රැස් කිරීමට ඔවුන් සමත් විය.

එහිදී ඉන්දියාව වෙනුවෙන් ශිකර් ධවාන් අගනා ලකුණු 117 ක් ලබාගත් අතර එය ඔහුගේ එක් දින තරග ජීවිතයේ 17 වන ශතකය ලෙස වාර්තා විය.

ඊට අමතරව නායක විරාත් කෝලි ලකුණු 82 ක්ද හර්දික් පාන්ඩයා ලකුණු 48 ක් ලබාගත්තේය.

ජයග්‍රාහී ලකුණු 353 ක ඉලක්කයක් හඹා යාමට පිළිතුරු ඉනිම ඇරැඹු ඔස්ට්‍රේලියාවට නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 316 කි.

ඒ අනුව එම තරගයෙන් ලකුණු  36 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

තරගයේ වීරයා සම්මානය ඉන්දීය කණ්ඩායමේ ශිකර් ධවාන් හට හිමිවිය.

මේ තරගය අවසන් වීමත් සමග 2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු සටහන පවතින්නේ පහත අයුරිනි.

ICC Cricket World Cup 2019
Source: ICC

මේ අතර අද දිනයේ බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව අතර තරගය පැවැත්වීමට නියමිතය.

එම තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ආරම්භ වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now