SKIP TO MAIN CONTENT

ද්විත්ව පුරවැසිභාව අර්බුදයට තුඩුදුන් ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවේ 44 වන වගන්තිය පිළිබඳ විමර්ශන වාර්තාව අද එළියට.

section 44 of the Australian constitution
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මුහුණ දී ඇති ද්විත්ව පුරවසිභාව අර්බුදයට හේතුවූ ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවේ 44 වන වගන්තිය පිළිබඳ පාර්ලිමේන්තුවේ මැතිවරණ ගැටළු පිළිබඳවූ කමිටුවේ විමර්ශන වාර්තාව අද (17/05) පස්වරුවේ නිකුත් කිරීමට නියමිතය.

ඔස්ට්‍රේලියාව වැනි බහු සංස්කෘතික රටක ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකු හට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නියෝජනය කිරීම තහනම් කිරීම සාධාරණද යන්න මෙම විමර්ශනයෙන් අදාළ කමිටුව සොයා බලා ඇත.

විශේෂයෙන්ම, ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්ගෙන් අඩක්ම විදේශයන්හි උපත ලැබූ අය හෝ විදෙස් රටවල උපත ලැබූ දෙමාපියන් සිටින අය වේ.

ද්විත්ව පුරවැසිභාවය දරන පුද්ගලයින් හට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකි යන මෙහෙයුම තව දුරටත් ක්‍රියාත්මක වන අතර තමන් ද්විත්ව පුරවැසිභාවයකින් යුක්තද නැත්ද යන්න පිළිබඳ තහවුරු කර ගැනීමට අදාළ මන්ත්‍රීවරුන් හා සෙනට් සභිකයින් හට අධිකරණයෙන් සහය ලබා ගත හැකිය.

මේ අතර ද්විත්ව පුරවැසිභාවය දරන පුද්ගලයින් හට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා ජනමත විචාරණයක් පැවැත්වුවහොත් ඒ සඳහා ඔස්ට්‍රේලියනුවන් කැමැත්ත පළ කරනු ඇතැයි තමන් නොසිතන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now