SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය : බංග්ලාදේශය ලංකාවට පහර පිට පහර ගසයි.

SL vs Ban 1st Test
Source: espncricinfo

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ඊයේ (31/01) දිනයේ චිතගොන්හි සහූර් අහමඞ් චෞද්රි ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර දිනය නිමා වන විට කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 4 ක් පමණක් දැවී ලකණු 374 ක් ලබා ගනිමින් ප්‍රබල ස්ථානයක පසුවෙයි.

බංග්ලාදේශය වෙනුවෙන් මොමිනුල් හක් නොදැවී ලබා ගෙන සිටින ලකුණු 175 සහ මුෂ්ෆිකුර් රහීම්  ලබා ගත් ලකුණු 92 බංග්ලාදේශ කණ්ඩායමේ ලකුණු තත්ත්වය ඉහළට ගෙන ඒමට දායක විය.

ඊයේ දිනයේ යැවුණු ඕවර 90 පුරාම ඕවරයකදී ලකුණු 4.00 කට වැඩි වේගයක් පවත්වාගෙන ගිය බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුරංග ලක්මාල් කඩුලු 2 ක්ද දිල්රුවන් පෙරේරා සහ ලක්ෂාන් සඳකැන් එක් කඩුල්ල බැගින්ද බිඳ හෙළීය.

අද (01/02) තරගයේ දෙවැනි දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now