SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය ලද නොසිතූ පරාජයේ සම්පූර්ණ වගකීම හිටපු කම්කරු පක්ෂ නායකයා බාර ගනියි.

Former Labor leader Bill Shorten says he's fully responsible for his party's shock federal election defeat earlier this year.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

පසුගිය මැයි මාසයේ පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය ලද නොසිතූ පරාජයේ සම්පූර්ණ වගකීම තමන් බාරගන්නා බව එවකට සිටි කම්කරු පක්ෂ නායක Bill Shorten පවසයි.

පසුගිය ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට නියත ජයක් අත්වනු ඇතැයි බොහෝ මත විමසුම් මෙන්ම දේශපාලන විචාරකයෝ ද පැවසුහ.

නමුත් අවසන් ඡන්ද ප්‍රතිඵලයට අනුව ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේ ආසන 77 ක් දිනාගනිමින් ලිබරල් සන්ධානයට විශිෂ්ඨ ජයක් අත්විය.

කම්කරු පක්ෂයට ලබාගත හැකිවූයේ ආසන 68 ක් පමණි.

එම පරාජයත් සමගින් කම්කරු පක්ෂ නායකත්වයෙන් Bill Shorten ඉල්ලා අස්විය.

ක්වීන්ස්ලන්තයේ සහ බටහිර ඔස්ට්‍රේලියාවේ ඡන්ද පිළිබඳ තමන් එතරම් අවධානයක් නොදැක්වූ බව ඔහු පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now