SKIP TO MAIN CONTENT

නවසීලන්තයෙන් ලංකාවට දැවැන්ත ඉලක්කයක්.

ri Lanka require another 636 runs with 8 wickets remaining
Source: AP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමා වන විට ශ්‍රී ලංකාව කඩුලු 2 කට ලකුණු 24 ක් ලබා සිටියි.

නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 14 ක් සහ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 6 ක් ලබා කඩුල්ලේ රැදී සිටිති.

නවසීලන්තය සිය ප්‍රථම ඉනිම සඳහා කඩුලු 4 කට ලකුණු 585 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකාවට දෙවැනි ඉනිම සඳහා ආරාධනා කළේය.

නවසීලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් Tom Latham ලකුණු 176 ක්ද Henry Nicholls ලකුණු 162 ක්ද ලබා ගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ජයග්‍රහණය සඳහා කඩුලු 8 ක් අතැතිව ලකුණු 636 ක් පිටුපසින් සිටියි.

හෙට (29/12) තරගයේ සිව්වන දිනය වේ.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now