1.ඔබේ සම්පුර්ණ සෞඛ්‍ය තත්වය ගැන දැන ගැනීමට
ඔබ ඒ සඳහා GP වෙඉද්යවරයෙකු ලඟට ගිය විට ඔබේ පවුලේ රෝග ඉතිහාසය හා ඔබේ රෝගී තත්වයන් පිලිබදව ඔවුන් විමසන අතර මුත්‍රා, රුදිර පරීක්ෂණ සේම අක්ෂි හා කන් ඇසීමේ පරීක්ෂණද සිදු කරනවා

2.දියවැඩියාව පිලිබඳ පරීක්ෂණය
ඕස්ට්‍රේලියානුවන් 280ක් දිනකට දියවැඩියාවට ගොදුරු වෙනවා. එය විනාඩි පහකට එක පුද්ගලයෙක්. එමගින් ඔබේ රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය පරීක්ෂා කරනවා

3.කොලෙස්ටෙරෝල් පරීක්ෂාව
ඔබේ කොලෙස්ටෙරෝල් ප්‍රමාණය පාලනය් කිරීම වැදගත් බවයි The Heart Foundation ආයතනය පවසන්නේ

4.රුධිර පීඩනය පරීක්ෂාව
දිගු කාලයක් අධි රුධිර පීඩනයක් තිබීම හර්ද රෝග වලට හේතු වේ. සැම මාස 6 කට වරක්ම එය පරීක්ෂා කර ගන්න. 120/80mmHg වන අගයක රුධිර පීඩනය තිබිය යුතුයි

5.ඔබේ BMI එක නිර්ණය කර ගන්න
ඕස්ට්‍රේලියානුවන් 3න 2කම ස්තුලතාවයෙන් පෙළෙනවා. Body Mass Index නම් BMI මගින් ඔබේ උසට සරිලන බර අනුපාතය ගණනය කෙරෙනවා . එමගින් ඔබ තරබාරුද , අඩු බරතිද යන්න සොයා ගත හැකියි

6.ඔබේ හර්දය ක්‍රියාකාරීත්වය පරීක්ෂාව
Electrocardiogram (ECG) මගින් හර්දය මගින් ඇති කරණ විද්‍යුත් ක්‍රියාකාරීත්වය මැන බලනවා. ඔබේ හර්ද අකර්මන්යතාවන් ඇත්දැයි මෙයින් දැන ගත හැකියි

7.ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම
ප්‍රතිශක්තිකරණ එන්නත් නිසා ලෝකයේ මිලියන 3ක් ජනයාගේ ජීවිත බේරෙනවා . එමගින් ළමයින් හා වැඩිහිටියන්ට රෝග වලින් වැළකිය හැකියි

8.සම පරීක්ෂාව
Cancer Council පවසන්නේ ඕස්ට්‍රේලියානුවන් 3 දෙනෙක් ගෙන් දෙදෙනෙකුම වයස අවුරුදු 70 වන විට චර්ම පිළිකාවකට මුහුණ දෙන බවයි 750,000 පමණ පිරිසක් non-melanoma චර්ම පිළිකා සඳහා ප්‍රතිකාර ලබනවා

9.ඔබේ මානසික සෞඛ්‍ය පිලිබඳ දැන ගන්න
Beyond Blue සංවිධානයට අනුව ඕස්ට්‍රේලියානුවන් මිලියන 3ක් පමණ විශාදය තත්වයෙන් ගත කරනවා. GP කෙනෙක්ගෙන් මේ සඳහා මුලික උපදෙස් ලබා ගත හැකියි


