මහ රැජිණගේ උපන්දින සැමරුම නිමිත්තෙන් ඔස්ට්‍රේලියනුවන් 900 කට ගෞරව සම්මාන.

King's Birthday Honours have just been announced, but King Charles' actual birthday is in November. He turned 75 last year.

King's Birthday Honours have just been announced, but King Charles' actual birthday is in November. He turned 75 last year. Source: www.latrobe.edu.au

බ්‍රිතාන්‍ය මහ රැජිණගේ උපන්දින සැමරුම නිමිත්තෙන් ඔස්ට්‍රේලියනුවන් 900 කට ආසන්න පිරිසකට ගෞරව සම්මාන පිරි නැමේ.

විවිධ ක්ෂේත්‍රයන්හි දස්කම් දැක්වූ සහ ඔස්ට්‍රේලියානු ජන සමාජයට සිදු කළ සේවය උදෙසා තෝරාගත් ඔස්ට්‍රේලියානුවන් හට බ්‍රිතාන්‍ය මහ රැජිණගේ උපන්දින සැමරුමට සමගාමීව මෙසේ සෑම වසරකම ගෞරව සම්මාන පිරි නැමීමක් සිදු කෙරේ.

ඒ අනුව ඔස්ට්‍රේලියානු ජන සමාජයට සිදු කළ සේවය උදෙසා තෝරාගත් විද්‍යාඥයින්, වෛද්‍යවරුන්, නීති විශාරදයින්, කලාකරුවන්, සාමාජ සේවකයින් සහ ව්‍යාපාරකයින් මෙම සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම සම්මාන අතරින් ප්‍රධානතම සම්මානය වන Companion of the Order of Australia (AC)  සම්මානය මෙවර පිරි නැමුණු පුද්ගලයින් අතර ලෝක ප්‍රකට ඔස්ට්‍රේලියානු  රංගන ශිල්පිනියක් වන Cate Blanchett සහ Qantas ගුවන් සේවයේ ප්‍රධාන විධායක Alan Joseph JOYCE ද සිටිති.

මීට අමතරව විද්‍යාඥයෙකු වන මහාචාර්ය Peter Malcolm COLMAN, ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය Ross Gregory GARNAUT, මෙල්බන් නුවර සොලිසිටර් වරයෙකු වන Julian McMAHON සහ ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Kenneth Charles FREEMAN ද එම සම්මානයට පාත්‍ර වී ඇත.

මෙවර සම්පූර්ණ සම්මාන ලැයිස්තුව මෙතනින් ලබා ගත හැකිය. 


Share

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now