ජාතික ආරක්ෂාව
ඉදිරි වසර 3 තුල IS වැනි සංවිදාන වලට එරෙහි ක්‍රියා මාර්ග සඳහා ඩොලර් බිලියන 1ක් වෙන් කෙරේ
ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ආරක්ෂා දායකත්වය සඳහා ඩොලර් මිලියන 353ක් වෙන් කෙරේ
Daesh නම් කණ්ඩායමේ ක්‍රියා වලට එරෙහිව ව Operation Okra කෙරේ වැඩි අවදානය යොමු කෙරේ
ළමා සුරැකුම් සේවා
පසුගිය අය වැයෙන් පොරොන්දු වූ බිලියන 3ක Child Care Package එක වසර 2018 දක්වා කල් දමා තිබෙනවා
එයට හේතුව Family Tax Benefit part B අවම කිරීම තවමත් සම්මත වී නැති නිසා
නමුත් ආයාවරුන් සඳහා පැයකට ඩොලර් 10ක් දක්වා Nanny pilot program යටතේ ලබා දීමට යෝජිතයි
වැඩිහිටි සේවා
වැඩිහිටි සේවා සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 249ක් ද ප්‍රාදේශිය පෙදෙස් වල ඒ සඳහා ඩොලර් මිලියන් 102ක් වෙන් කෙරේ
විශ්ව විද්‍යාල
උසස් අධ්යාපන ආයතන වලට සිත්සේ පාටමාලා ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අහෝසි කෙරේ
නමුත් විශේෂිත වූ පාටමාලා සඳහා සුළු ශිෂ්‍ය කණ්ඩායම් සදහා ගාස්තු පාලනය කිරීමේ යෝජනාවක්ද ඉදරිපත් වී තිබේ .
සෞඛ්‍ය සේවා
වසර 2020 වන තුරු medicare rebate සඳහා ලබා දෙන ප්‍රතිපාදන යම් අගයක් දක්වා අත් හිටුවීමෙන් රජය ඩොලර් බිලියනයක් ඉතුරු කර ගැනීමට යෝජිතයි
තවත් සෞඛ්‍ය සේවා සංවිදාන සඳහා ආධාර ඩොලර් මිලියන 182කින් අඩු කෙරේ
දන්ත වෛද්‍ය සේවා
නව Child and Adult Public Dental Scheme තුලින් වසර 2016-17 සිට වසර 4ක් පුරා ඩොලර් බිලියන 1.7ක් ප්‍රාන්ත තුලින් ලබා දීමට තීරණය කෙරේ
සහන සේවා කාඩ් පත් (Concession cards) ඇති දරුවන් හා වැඩිහිටියන්ට මෙම සේවාව ලබා ගත හැකි අතර ප්‍රාන්ත වලට තවත් සුදුස්සන් තීරණය කල හැකියි
මෙම වැඩසටහන යටතේ රජය දන්ත ගාස්තු වලින් 40%ක්ද ප්‍රාන්ත ඉතිරි 60%ටද අඩු ආදායම් ලාභීන් වෙත ලබා දේ
හෙද සේවය
මෙවර අය වැයෙන් හෙද සේවා සඳහා වෙන් කොට ඇති ඩොලර් බිලියන 2.9 ප්‍රමාණවත් නැති බවට ඕස්ට්‍රේලියානු හෙද සේවක සංගමය විවේචනද එල්ල කොට තිබේ
Superannuation
විශ්‍රාම ගිණුමකට එක පුද්ගලයෙකුට Superannuation තුලින් මාරු කල හැකි උපරිම මුදල ඩොලර් මිලියන 1.6ක සීමාවකට යටත් කෙරේ
ආදායම් හා Superannuation එකතුව ඩොලර් 250,000ට වැඩි පුද්ගලයින්ට දැනට ඇති 15% ගාස්තු වලට වඩා වැඩි 30% ක concessional contributions ලෙස ගෙවීමට සිදුවේ
concessional contributions සීමාව ඩොලර් 25,000 දක්වා පහල දැමේ
එසේම මුළු superannuation සීමාව ඩොලර් 500,000 තෙක් non concessional contributions ගෙවීම් සඳහා සීමාවකද පනවා තිබේ

