සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර කොදෙව් දූපත් වල පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය (14/06) කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කිසිවෙකුත් නොදැවී ලකුණු 2 ක් ලබා සිටියි.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර සියල්ලන්ම දැවී ඔවුන් ලකුණු 253 ක් රැස් කළේය.
එහිදී නායක දිනේෂ් චන්දිමාල් සිය 11 වන ටෙස්ට් ශතකය ලබා ගනිමින් නොදැවී ලකුණු 119 ක් ලබා ගත්තේය.
අද (15/06) තරගයේ දෙවැනි දිනය වේ.