SKIP TO MAIN CONTENT

ආසියානු කුසලානය 2018 : ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසිවෙයි.

ජාත්‍යන්තර මට්ටමේ ලොව ප්‍රමුඛ ක්‍රිකට් කණ්ඩායමක් ජාත්‍යන්තර ශූරතා ක්‍රිකට් තරගාවලියකට සහභාගීවී දින 7 ක් ඇතුළත නැවතත් සිය මව් රට බලා යන්නට ඉතිහාසයේ සිදුවූ පළමු අවස්තාව මෙය බව ලොව ප්‍රකට ESPNCRICINFO වෙබ් අඩවිය වාර්තා කරයි.

Asia Cup 2018
Source: AAP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ (17/09) පැවති තරගයෙන් ලකුණු 91 ක ජයක් අත්කරගැනීමට ඇෆ්ගනිස්තානය සමත්විය.

මේ අනුව ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරග දෙකෙන්ම පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ආසියානු කුසලානයෙන් ඉවතට විසිවී තිබේ.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තානය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 249 ක් රැස් කිරීමට සමත්විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තිසර පෙරේරා ලකුණු 55 කට කඩුළු 5 ක් බිඳ හෙළීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 250 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41 පන්දු 2 ක් අවසානයේ ලකුණු 158 කට සීමා කිරීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ රෂීඞ් ඛාන්, ගුලාබ්ඩීන් නබී, මොහොමඞ් නබී සහ මුජිබ් උර් රෙහෙමාන් කඩුලු 2 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමුහ.

උපුල් තරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් අතර එය ලකුණු 36 කි.

ජාත්‍යන්තර මට්ටමේ ලොව ප්‍රමුඛ ක්‍රිකට් කණ්ඩායමක් ජාත්‍යන්තර ශූරතා ක්‍රිකට් තරගාවලියකට සහභාගීවී දින 7 ක් ඇතුළත නැවතත් සිය මව් රට බලා යන්නට ඉතිහාසයේ සිදුවූ පළමු අවස්තාව මෙය බව ලොව ප්‍රකට ESPNCRICINFO වෙබ් අඩවිය වාර්තා කරයි.

ආසියානු කුසලාන තරග ඉතිහාසයේ තවමත් ඉහළම ලකුණු ලබාගත් ක්‍රීඩකයා ලෙස සනත් ජයසූරියද (ලකුණු 1220 ක්) ඉහළම කඩුළු ලබාගත් පන්දු යවන්නා ලෙස මුත්තයියා මුරලිදරන් ද (කඩුළු 30) වාර්තා අතර ඉහළින්ම සිටිති.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now