SKIP TO MAIN CONTENT

හෙදියන් සහ වින්නඹු මාතාවන් 5000 කට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අලුතින් රැකියා අවස්ථා.

NSW Liberals promise boost to healthcare with more nurses, midwives
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

හෙදියන් සහ වින්නඹු මාතාවන් 5000 කට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අලුතින් රැකියා අවස්ථා.

තමන් නැවතත් බලයට පත්වුවහොත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට අමතර හෙදියන් සහ වින්නඹු මාතාවන් 5000 කට රැකියා ලබාදෙන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසයි.

ඉදිරි වසර 4 පුරාවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝහල් වල සේවකයින් 8000 කින් පමණ ඉහළ දැමීමේ ප්‍රාන්ත රජයේ සැලසුම අනුව මෙය සිදුකෙරෙන බව  නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී  Gladys Berejiklian ඊයේ පැවසුවාය.

මේ සඳහා ඩොලර් බිලියන 2.8 ක මුල්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවත් 45% ක අමතර සේවකයින් ප්‍රාදේශීය රෝහල් වෙත අනියුක්ත කරන බවත් ඇය පැවසුවාය.

ප්‍රාන්තයේ සෑම කලාපයකටම උසස් සෞඛ්‍ය සේවාවක් ලබාදීම තම රජයේ අරමුණ බවද නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී  Gladys Berejiklian  පැහැදිලි කළාය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණය එළඹෙන මාර්තු 23 වන දින පැවැත්වීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now