SKIP TO MAIN CONTENT

ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ද වූවන්ගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කිරීමේ නව නීති වහා සම්මත කරගත යුතුයි : ඔස්ට්‍රේලියානු අගමැති.

Prime Minister Scott Morrison says recent terrorism incidents mean parliament must urgently pass laws to strip Australian citizenship from convicted terrorists.
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

මෑත කාලයේ සිදුවූ ත්‍රස්ත ක්‍රියා වලින් නිරූපනය වන්නේ ත්‍රස්ත ක්‍රියා වලට සමබන්ධ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කිරීමට මධ්‍යම රජය යෝජනා කර ඇති නීති පාර්ලිමේන්තුව තුළ වහා සම්මත කරගැනීමේ අවශ්‍යතාව බව ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පැවසීය.

එමෙන්ම ත්‍රස්ත ක්‍රියා මැඩලීමේදී කේතනය කරන ලද රහස් පණිවිඩ වලට ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසියට සහ බුද්ධි අංශ වලට පිවිසීමේ හැකියාව ලබා දෙන යෝජිත නව නීති වලට ද කම්කරු පක්ෂයේ සහය අපේක්ෂා කරන බව අගමැති මොරිසන් පැවසීය.

ත්‍රස්ත ක්‍රියා යනු ඔස්ට්‍රේලියාවට එරෙහිව සිදු කරන අපරාධයක් බවත් එවැනි ක්‍රියා සිදුකරන පුද්ගලයින් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය දැරීමට නුසුදුසු පුද්ගලයින් බවත් අගමැතිවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now