SKIP TO MAIN CONTENT

මහනුවර සිදුවීම ආණ්ඩුවේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වීමක් : කෙහෙළිය හේතු පහදයි (වීඩියෝ)

Kandy MP Keheliya Rambukwella
Kandy MP Keheliya Rambukwella Source: SBS Sinhala

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ජාතිවාදීන් යැයි එකිනෙකාට ඇගිල්ල දිගු කරමින් ජාතිවාදය ඇවිලීම සදහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර සීටී.

නව ආණ්ඩුව දින සියයක වැඩපිළිවෙල තුළදී බේරුවල ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් කොමිෂමක් පත් කොට වරදකරුවන්ට දඩුවම් ලබා දෙන බව ප්‍රසිද්ධියේ කී නමුත් එය මේ දක්වා ඉටු නොවුණේ සියලු වරදකරුවන් ආණ්ඩුව නියෝජනය කරන නිසා යැයි හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ පැවැති උත්සවයකින් අනතරුව මාධ්‍ය හමුවේ මන්ත්‍රීවරයා කීවේය.

ඒ අයුරින්ම තෙල්දෙණිය හා ඒ අවට ඇතිවූ ගැටුම ද සිංහළ මුස්ලිම් තරුණයන් සිව් දෙනෙකුගේ ගැටුමක් දුරදිග යාමක් නොව ආණ්ඩුවේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වීමක් යැයි කී මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළේය.

"....පොලීසිය, නීතිය හා සාමය ක්‍රියාත්මක නොවුණ නිසා වර්ෂ 1983දී ජාතිවාදී ගැටුම් හමුවේ අපි මිලේච්ඡ ජාතියක් බවට පත්වුණා. වාසනාවකට මෙන් දිගන සිදුවීමද පැය 48ක් තුළදී සාමකාමී කළ හැකිවූණා. එනමුත් සිද්ධියට වගකිව යුත්තන් පිළිබදව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එක් එක් පාර්ශව වෙත චෝදනා ඒලල කරනවා.

ඒ අතර දිගන ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙකුගේ නමක් ප්‍රකාශ කළ නිසා ඔහු අත්අඩංගුයට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා. දිගන පල්ලිය බේරා ගැනිම සදහා ඔහු දරන උත්සහය වීඩියෝ පටවල අන්තර් ගතයි. අත්අඩංගුට ගැනීමේදී ඔහුට එරෙහිව සාක්ෂි දෙන්නේ අමාත්‍ය රාජිත සේනාරත්නද?

රජයේ ඇමතිවරයෙකු අක්කර සිය ගණනකින් විල්පත්තුව එළිපෙහෙළි කරනවා. පවුල් විශාල ප්‍රමාණයක් එහි පදිංචිකරනවා. නමුත් ඒ පිළිබදව ආණ්ඩුව එක වචනයක් කථා කරන්නේ නැහැ. ඒ පිළිබදව පරීක්ෂණ නැහැ. බුල්ඩෝසර් යොදමින් අද චෛත්‍ය විනාශ කරනවා. ඇතැම් ස්ථානවල බුදු පිළිමයක් ස්ථාපිත කිරීමට අවසර නැහැ.

මෙවන් හේතු නිසයි ගැටුම් වර්ධනය වෙන්නේ. මේවා වැළැක්වීමට හා සියලු ජාතීන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුව පියවර ගත යුතුයි ...." යනුවන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

SBS සිංහල වැඩසටහනේ වාර්තාකරු නදීක දයා බණ්ඩාර - මහනුවර සිට වාර්තා කරයි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now