Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ලෝක මැලේරියා දිනය අද (අප්‍රේල් 25 දා)

ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබේ. මැලේරියා රෝගය ලොව පුරා මනුෂ්‍ය සන්හතියට ප්‍රබල බලපෑමක් කරන රෝග අතරින් ඉතාම බරපතල පීඩා ගෙන දෙන රෝගයක් බව වෛද්‍යවරු පවසති.

Mosquito
- Malaria Source: Mosquito_Tasmania_crop

ඇස්තමේන්තුගත දත්ත අනුව ලෝකයේ ජනගහනයෙන් මිලියන 212ක් මැලේරියා රෝගයට ගොඳුරු වී තිබේ. ආසන්න වශයෙන් රටවල් 91ක තවමත් මැලේරියා රෝගය පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු අනුව 2015 වසරේ ලෝක ජනගහනයෙන් මිලියන 214කට මැලැඒරියාව වැළදී ඇති අතර ඉන් සිදු වූ මරණ සංඛ්‍යාව 429,000කි.

මැලේරියා රෝගීන් බහුතරයක් වාර්තා වන්නේ අප්‍රිකානු කලාපයෙනි.වසර 2015 වාර්තා අනුව මැලේරියා රෝගයෙන් සිදු වූ මරණ අතරින් වැඩියෙන් වාර්තා වන්නේ වයස අවුරුදු පහට අඩු දරුවන්ය. එය 306,000කි.සෑම මිනිත්තු දෙකකදීම මැලේරියාව නිසා අඩුම වශයෙන් එක් ළමා මරණයක් සිදුවන බවට වාර්තා වී තිබේ.

දකුණු හා නැඟෙනහිර ආසියානු කලපයේ රටවල් 10ක බිලියන 1.4ක ජනගහනයක් මැලේරියාව වැළදීමේ අවදානමක් සහිතව ජීවත් වෙති.

සාර්ක් කලාපයේ රටවල් අතරින් ශ්‍රි ලංකාව සහ මාලදිවයින පමණක් මැලේරියාව රටෙන් තුරන් කර තිබේ.

 

වසර 2012 සිට ස්‍රී ලංකව තුළ මැලේරියා රෝගියකු වාර්තා වී නොමැත.ලෝක සෞඛ්‍ය සංවිධනය මඟින් 2016 සැප්තැම්බර් 06 දින දකුණු හා නැඟෙනහිර ආසියාතික කලාපීය සමුළුවේ 69 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස සහතික කරන ලදී.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසන්නේ, රටෙන් මැලේරියා රෝගය තුරන් කළද තවමත් ශ්‍රී ලංකාවට මැලේරියාව ඇතුළ්වීමේ අවධානම පවතින බවයි. මැලේරීය මර්දන ව්‍යාපාරය පවසන පරිදි මැලේරියා පරපෝෂිතයා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමේ අවධානම පවතින බැවින් ශ්‍රී ලංකාව තුළ මැලේරියාව හිස එසවීමේ අවධානමක් පවතින බවයි.

 මැලේරියා අවධානම පවතින රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබෙන බව මැලේරියා මර්දන ව්‍යාපාරය පවසන අතර, උණ රෝගය වැළදුණ හොත් වහාම ඒ පිළිබඳව වෛද්‍යවරයකුට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.

තවද මැලේරියාව වැළැක්විමේ ප්‍රතිකාර මැලේරියා මර්දන ව්‍යාපාර මූලස්ථානයෙන්, ශ්‍රී ලංකාව පුරා ඇති ප්‍රාදේශීය මැලේරියා නිලධාරී කර්යාලවලින් හා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් නොමිලේ ප්‍රතිකාර ලබාගත හැකි බව ද මැලේරියා මර්දන ව්‍යාපරය ජනතාව දැනුවත් කරයි.


2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: News Sri Lanka


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now