විවිධ වෘතීන්ට අවශ්‍ය කුසලතා ඕස්ට්‍රේලියාවෙන් සොයා ගත නොහැකි වූ විට විදේශිකයන්ට නව රැකියා වීසා කාණ්ඩයක් ..

visa

Source: Getty

ඕස්ට්‍රේලියාවේ විවධ ප්‍රදේශ වල ඇති යම් යම් කුසලතා හිගයන්ට පිලියමක් ලෙස "boutique" වීසා ක්‍රමයක් ලෙස විදේශ සේවකයන්ට ඕස්ට්‍රේලියානු වීසා ලබා දීමට Turnbull රජය අදහස් කොට තිබේ.

දැනටමත් රැකියා එකගතාවයන් 322ක් විවිධ ව්‍යාපාර සමග ඇති කර ගෙන ඇති බවද වාර්තා වේ. එම ප්‍රදේශ අනුව මෙම වීසා ක්‍රියාත්මක කිරීමට පුරවැසිභාවය පිළිබද අමාත්‍ය Alan Tudge පවසන්නේ.

ඒ අනුව උතුරු ක්වීන්ස්ලන්තයත් බටහිර ඕස්ට්‍රේලියාවේ Goldfields ප්‍රදේශය මේ අනුව නව රැකියා ලබීන් ලබනු ඇති බවත් හෙළි වේ.

උදාහරණයක් ලෙස උතුරු ක්වීන්ස්ලන්තයේ චීන භාෂාව කතා කරන කිමිදුම් කරුවන් සදහා පුරප්පාඩු තිබේ. එසේම Goldfield හි drillers සදහාත් ඉල්ලුමක් ඇති බව වාර්තා වේ. මෙම ප්‍රදේශ වල වීසා පිලිබඳ තීරණය මෙම වසර අග වන විට ඉදිරිපත් වීමට නියමිතයි.

Boutique වීසා යනු කුමක්ද ?

රජයේ කුසලතා ලයිස්තුවේ අඩංගු නොවන නමුත් යම් පෙදෙසක එම රැකියාවට කුසලතා හිමි අයෙකු නොමැති විටදී ලබා දෙන වීසා

සමාගම් විසින් එම අබෑරතුව පිරවීමට මෙරට සේවකයන් නොමැති බව ඔප්පු කල යුතුයි. එවිට එම වීසා ලාබීන්ට ස්ථිර පදිංචිය සදහා මාර්ගයක් ඇති වීසා එකක් හිමි වේ. නමුත් සෑම විටම ඕස්ට්‍රේලියානුවන්ට රැකියා සදහා මුල් තැන ලබා දෙන බැවින් එම ආයතන ඇබෑරතුව පියවීමට

 

මෙම වීසා ක්‍රමය එම ආයතනයට සරිලන ලෙසම සකස් කෙරේ

දැනටමත් මේ ආකාරයට මෙල්බන් නුවර Fonditha care වැඩිහිටි සුරැකුම් ආයතනයට ග්‍රීක භාෂාව කතා කරන සේවකයන් සදහා විශේෂ වීසා 60ක් පමණ ලබා දී තිබේ. එම ආයතනයේ ප්‍රධානී පවසන්නේ ඉංග්‍රීසි බාශාව කතා නොකරන ග්‍රීක ජාතික වැඩිහිටි අවශ්‍යතා හඳුනා ගැනීමට මෙය ඉතා වැදගත් වන බවයි.


2 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now

විවිධ වෘතීන්ට අවශ්‍ය කුසලතා ඕස්ට්‍රේලියාවෙන් සොයා ගත නොහැකි වූ විට විදේශිකයන්ට නව රැකියා වීසා කාණ්ඩයක් .. | SBS Sinhala