SKIP TO MAIN CONTENT

කල්මුණේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය IS සංවිධානය භාරගනී

Soldiers look at seized items at the site of an overnight battle between Sri Lankan security forces and suicide bombers in the eastern town of Kalmunai
Soldiers look at seized items at the site of an overnight battle between Sri Lankan security forces and suicide bombers in the region of Kalmunai Source: AFP

1 min read

Published

Updated

By Gamidu Agampodi


Skip to article content

ශ්‍රී ලංකා පොලීසිය සමග ඇති වූ ගැටුම් වලදී බෝම්බ පිපිරවූ බෝම්බකරුවන් තිදෙනාගේ වගකීම භාරගනිමින් IS සංවිධානය ප්‍රකාශයක් නිකුත් කර තිබෙයි.

පසුගිය සෙනසුරාදා දිනයේදී (27) පැයකට ආසන්න වෙඩි හුවමාරුවකින් පසු මෙම බෝම්බ පුපුරුවා ගැනීම සිදු කර තිබෙයි. මෙම ස්ථානය අන්තවාදීන්ගේ සැඟවුම් මධ්‍යාස්ථානයක් බවටද සැක පවතී.

IS සංවිධානයේ ප්‍රචාරක අංශයට අනුබද්ධ Amaq පුවත් සේවයට නිකුත් කල ප්‍රකාශයකින් සඳහන් කර තිබෙනුයේ, තම සංවිධානයේ සාමාජිකයන්ගේ ස්වයංක්‍රීය ගිනි අවි වල පතරොම් අවසන් වීමෙන් පසු බෝම්බ පුපුරුවා හැර ගත් බවයි.

ගැටුම් වලදී 17ක් මියගිය අතර ඊට කාන්තාවන් තිදෙනෙක් සහ ළමුන් හය දෙනෙකු ද ඇතුලත් විය.

මෙම ගැටුම් ඇති වූයේ පුද්ගලයින් 253ක් පමන මියගිය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුවයි.

බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව හදිසි නීති බලතල යටතේ ආරක්‍ෂක අංශ විසින් ඉස්ලාම් අන්තවාදීන් සෙවීමේ මෙහෙයුම් කටයුතු දිගින් දිගටම සිදු කරමින් පවති.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොලකරු වන සහරාන් හෂීම්ගේ උපන්ගම පිහිටා තිබෙනුයේ ද කල්මුණේ ප්‍රදේශයට ආසන්නව බව වාර්තාවෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now