පළාත් පාලන සංශෝධිත නව පනත මගින් රජ්‍ය සේවකයන් රැසකගේ ප්‍රජා අයිතිය අහෝසි වී ඇතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පැවසීය.
නව පනතේ අඩංගු වගන්තියක් අනුව රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට මැතිරණය සදහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත්වීමට නොහැකි බවත් එය මෙම වර්ෂයේ සිට ක්‍රියාත්මක වන බැවින් රාජ්‍ය සේවකයන් රැසකගේ ප්‍රජා අයිතිය අහෝසි වන බව හාරිස්පත්තුව, නුගවෙලදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කොට සිටියේය. මේ තුළින් රජය උත්සහ දරනුයේ තමන්ට බලපෑමක් කළ හැකි මෙන්ම මැතිවරණයේදී අවාසි සහගත නාම යෝජනා කපා හැරීමට යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
ක්ෂේත්‍ර නිලධාරීන් යන්න නිර්වචනය කිරීමේදී සමෘද්ධි නිලධාරීන්, කෘෂි, තේ, පොල් හා රබර් සංවර්ධන නිලධාරීන් ද බෞද්ධ කටයුතු ක්ෂේත්‍ර නිලධාරීන්, පොලිස් ඇතුලු ආරක්ෂක නිලධාරීන් ඇතුලුව ක්ෂේත්‍රයේ සේවය කරන ඕනෑම නිලධාරියෙකු ඊට ඇතුල් කර ගත හැකි යැයි කී මන්ත්‍රීවරයා වැඩිදුරටත් ඒ සම්බන්දව මෙසේ ප්‍රකාශ කොට සිටියේය....
"...සංශෝධිත පළාත් පාලන පනතේ මෙම වගන්තිය ඉදිරි වර්ෂයේ සිට ක්‍රියාත්මක වන්නේ නම් ක්‍ෂේත්‍ර නිලධාරීන්ට රජයේ සේවයෙන් ඉවත්වීමට හෝ වෙනත් ධූරයක් සදහා ස්ථානමාරුවක් ලබා ගත හැකියි. නමුත් එම වගන්තිය මේ වසරේ සිට ක්‍රියාත්මක වීම හේතුවෙන් විශාල පිරිසකගේ ප්‍රජා අයිතිය අහෝසි වෙනවා. රජයට අවාසිදායක අපේක්ෂකයන් ඉවත් කිරීම සදහායි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඒකාබද්ධයේ අපට විරුද්ධව විනය පරීක්ෂණ පවත්වන්නේත් මේ අයුරින්. පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අපට ලබා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවෙයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය අපට නාම යෝජනා ලබා දුන් නමුත් අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වැදුණේ නැහැ. අපට මනාප ලබාදී පාර්ලිමේන්තුවට පත් කළේ ජනතාව මිසක් වෙන කවුරුත් නොවෙයි.
නමුත් අද මහනුවර දිස්ත්‍රිකයෙන් පරාජය වුණු අය අපට එරෙහිව විනය පරීක්ෂණ පවත්වන්න උත්සහ කරනවා. මැතිවරණයෙන් පරාජය වුණු පිරිස් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුට පිවිසෙනවා නම් මැතිවරණයක් අවශ්‍ය වන්නේ නැහැ. පක්ෂයේ ලේකම්වරයා සමග ලැයිස්තුවක් සකස් කොට අවශ්‍ය පිරිස පාර්ලිමේන්තුවට පත් කර ගත හැකියි. පසුගිය මැතිවරණයේදි ආසනය පවා පරාද වුණු අද අද අණ්ඩුවේ ඇමතිධුර දරමින් අපට එරෙහිව විනය පරීක්ෂණ පවත්වන්න උත්සහ කරනවා. මැතිවරණයක් පවත්වන්නේ ජනතාවට අවශ්‍ය පිරිස් පත් කොට අනවශ්‍ය පිරිස් බලයෙන් පහ කිරීමටයි. නමුත් අද සිදුව තිබෙන්නේ ජනතාව ඡන්දය දුන් අය එළියේ සිටියදී ජනතාව ප්‍රතික්ෂේප කළ අය ජාතික ලැයිස්තුවෙන් පත්වී පාර්ලිමේන්තුවට පිවිසීමයි. එවිට රටේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද කියා අපට ප්‍රශ්න කරන්න සිදුවනවා ..." මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් පැවසීය.

