SKIP TO MAIN CONTENT

ගැටළු නොවිසඳුවොත් ලංකාවේ ත්‍රීවීල් රියදුරන් ලක්ෂ 8 ටම ආණ්ඩුව පෙරළන්න පාරට බසින බව මැයි දිනයේදී කියයි.

Three Wheel drivers' society challenged SL Government in May Day.
Source: SBS Sinhala

2 min read

Published

Updated

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

ශ්‍රී ලංකාවේ කම්කරු දිනය සැමරුම නිමිත්තෙන් මහනුවර ත්‍රීරෝද රථ රියදුරන් සංවිධාන කළ විරෝධතා පෙළපාලියක් ඊයේ (07/05) මහනුවර නගරයේදී පැවැත්විණි.

මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රිකවල වෘත්තීය ත්‍රිරෝද රථ රියදුරන් හා ත්‍රීරෝද රථ දෙදහසක් පමණ මේ සදහා යොදා ගෙන තිබුණි.

මහනුවර කටුකැලේ ප්‍රදේශයෙන් ආරම්භ වූ පෙළපාලිය පේරාදෙණීය උඩ පාර, යටිනුවරවීදිය, ඩී.එස්.සේනානායක වීදිය, දළදා වීදිය, ඇහැලේපොලකුමාරිහාමී මාවත ඔස්සේ ගමන කළහ.

අනතුරුව මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වා උද්‍යානය අසල පැවැති කෙටි සාකච්ඡාවකින් අනතුරුව එම පෙලපාලිය නිමාවට පත්විය.

වෘත්තීය ත්‍රීරෝද රථ රියදුරන් ලක්ෂ අටක පමණ ප්‍රමාණයක් සේවය කරන නමුත් ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව විරෝධතාවට එක්වූ ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ඩී.ජී.ප්‍රියදර්ශන රූපසිංහ මහතා කීවේය.

මේ වන විට මීටර් ක්‍රමය ත්‍රීරෝද රථවලට අනිවාර්යය කර තිබුණත් අධික කදුබෑවුම්වලින් යුතු මධ්‍යම පළාතට එම ක්‍රමය උචිත නොවන බව අවස්ථා ගණනාවකදී බලධාරීන්ට ප්‍රකාශ කර ඇති බව ඒ මහතා කීවේය.  නමුත් මේ පිළිබදව බලධාරීන්ගේ කිසිදු අවධානයක් නොමැති නමුත් බදු  ආදිය නිරන්තරයෙන් තමන්ට ගෙවීමට සිදුව ඇතැයි කීවේය.

මේ හේතුවෙන් රට දියුණු වෙනවා වෙනුවට වසර පහළොවකින් පමණ රට ආපස්සට ගොස් ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

සිය ගැටලු සදහා ආණ්ඩුවේ නිසි අවධානය යොමු නොවන්නේ නම් වෘත්තීය ත්‍රිරෝද රථ රියදුරන් ලක්ෂ අට සහ ඔවුන්ගේ දරු පවුල් ඇතුලුව ලක්ෂ 25 ක පමණ ප්‍රමාණයක් එක්ව ආණ්ඩුව පෙරළීමට හෝ පසුබට නොවන බව විරෝධතාවට සහභාගීවූ ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ඩී.ජී.ප්‍රියදර්ශන රූපසිංහ මහතා ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now