SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල රැකියා උත්පාදනය ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් නව සැලසුමක්.

Prime Minister Scott Morrison is expected to unveil a plan to boost jobs in regional Australia
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල රැකියා උත්පාදනය ඉහළ දැමීමට අදාළ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සැලසුම අගමැති Scott Morrison විසින් හෙළිදරව් කිරීමට අපේක්ෂා කරයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල ක්‍රියාත්මක කෘෂිකාර්මික, ධීවර සහ වන සංවර්ධන වැනි ක්ෂේත්‍ර වසර 2030 වන විට ඩොලර් බිලියන 100 ක කර්මාන්ත බවට පත් කිරීමට මෙම සැලසුමට අනුව අපේක්ෂිතය.

මෙම සැලසුමට අනුව ඒ ඒ ප්‍රාදේශීය කලාප වල ආර්ථික සංවර්ධනයට අවශ්‍ය දෑ පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කිරීමටද නියමිතය.

මේ දිනවල ඇතැම් ප්‍රාදේශීය කලාප වල පවතින නියං තත්ත්වය නොකඩවා පැවතීම හේතුවෙන් එම කලාප වල ගොවීන් සහ පදිංචි ජනතාව වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධව සාකච්ඡා කෙරෙන සමුළුවක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Dubbo ප්‍රදේශයේදී අගමැති මොරිසන් ඇමතීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now