SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවෙහි සිට සමාජ මාධ්‍ය ජාල වෙත පිවිසීමට තිබූ බාධා ඉවතට

Sri Lanka Blocked Social Media
Source: Flickr

1 min read

Published

By Gamidu Agampodi


Skip to article content

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සමග තාවකාලික තහනමට ලක් වූ සමාජ මාධ්‍ය ප්‍රවේශවීමේ අවහිරතාව ඉවත්කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් දී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (30) පෙරවරු 11.30 ට පමණ එම බාධාව ඉවත් කොට යළි පෙර පරිදි සමාජ ජාලා මාධ්‍ය වෙත ප්‍රවේශවීමේ අවස්ථාව එළඹ ඇත.

පාස්කු ඉරු දින ප්‍රහාරයත් සමඟ ඉකුත් 21 වන දින පස්වරු 3.00 ට පමණ Facebook, WhatsApp, Viber සහ YouTube ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් ප්‍රවේශවීමේ වාරණයකට ලක් කිරීමට රජය කටයුතු කළේය.

ඒ අනුව එම බාධාව ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදී ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම බාධාව ඉවත් කළ ද රට තුළ පවතින තත්ත්වය මත සමාජ මාධ්‍ය භාවිතයේ දී ඉතාමත්ම වගකීමෙන් යුක්තව කටයුතු කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දෙයි.

 

SBS correspondent - Nadeeka Bandara 

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now