SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු පළමු ටෙස්ට් තරගයේ 3 වන දිනය : ශ්‍රී ලංකාව ජයග්‍රහණයට තවත් ලකුණු 221ක් පිටුපසින්

Sri Lanka tour of South Africa
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ Durban හිදී පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 3 කට ලකුණු 83 ක් ලබා සිටියි.

කුසල් ජනිත් පෙරේරා ලකුණු 12 ක්ද ඕෂධ ප්‍රනාන්දු ලකුණු 28 ක්ද ලබා මේ වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටිති.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 259 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඊයේ (15/02) සමත් වුහ.

ඒ අනුව ශ්‍රී ලංකාවට මේ තරගය ජයහග්‍රහණය කිරීමට ලකුණු 304 ක ඉලක්කයක් ලැබිණි.

මෙම තරගයේදී ටෙස්ට් වරම් ලබාගත් ශ්‍රී ලංකා පිළේ ලසිත් ඇඹුල්දෙනිය දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිමේදී ලකුණු 66 කට කඩුලු 5ක් ලබාගැනීම කැපී පෙනෙන සිදුවීමක් විය.

ජයග්‍රහණය සඳහා මේ වන විට ශ්‍රී ලංකාව කඩුලු 7 ක් අතැතිව ලකුණු 221ක් පිටුපසින් සිටියි.

අද (16/02) තරගයේ සිව්වන දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now