SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතරවූ විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟාවලිය ආරම්භයේදීම ශ්‍රී ලංකාවට පරාජයක්

SBS Sinhalese
Source: SBS Sinhala

1 min read

Published

Updated

By Gamidu Agampodi


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 134 කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුව පන්දුවට පහර දීමට ඔස්ට්‍රේලියාවට ආරාධනා කළේය.ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පන්දු වාර විස්ස තුළදී කඩුලූ දෙකක් දැවී ලකුණු 233ක් රැස් කරගත්තේය. මෙහිදී ඩේවිඩ් වෝනර් සිය විස්සයි විස්ස දිවියේ 8වන ශතකය වාර්තා කිරීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලක්ෂාන් සඳකැන් සහ දසුන් ශානක කඩුල්ල බැගින් දවා ගැනීමටද සමත් වූහ.

ලකුණු 234 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දු වාර විස්ස තුළදී කඩුලූ 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 99 ක් පමණි.

මේ අනුව තරග තුනකින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලියේ මේ වනවිට ඉදිරියෙන් සිටීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වී තිබෙයි.

Job market
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now