SKIP TO MAIN CONTENT

දේශගුණික විපර්යාස සම්බන්ධ විරෝධතාකරුවෝ අද සිට පුරා සතියක් මෙල්බර්න් නුවර ආක්‍රමණය කරති.

Climate change activists are planning a week of protests in Melbourne from Monday until Sunday.
Climate change is blamed for the worst drought and bushfires. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

දේශගුණික විපර්යාස සම්බන්ධ විරෝධතාකරුවන් අද (07/10) සිට පුරා සතියක් මෙල්බර්න් නුවර විරෝධතා දියත් කිරීමට නියමිතය.

ඒ අනුව එම විරෝධතා අද සිට එළඹෙන ඉරිදා තෙක් පැවැත්වෙනු ඇත.

හෙට දිනයේදී මෙල්බර්න් CBD හෙවත් මෙල්බර්න් මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයට විරෝධතාකරුවන් එක්වී දේශගුණික විපර්යාස සම්බන්ධ විරෝධතා පැවැත්වීමට සූදානම් බව සඳහන්.

මේ අතර යම් හෙයකින් මහජනතාවට හෝ දේපළ වලට හෝ හානියක් ඇති කරන ගැටළුකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට යම් විරෝධතාකරුවෙකු උත්සාහ ගතහොත් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට වික්ටෝරියානු පොලීසිය සූදානමින් සිටින බව ද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now