SKIP TO MAIN CONTENT

නීතිය හා සාමය ෆොන්සේකා ට දෙන්න. කෘෂිකර්මේ දුමින්දගෙන් ගලවන්න : දඹර අමිල හිමියන්ගෙන් රජයට යෝජනා.

Ven. Amila called to appoint SF Law & Order Minister
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සාගල රත්නායක මහතා විසින් ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග එම ධුරය ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හට ලබා දිය යුතු බව පුරවැසි බලය සංවිධානයේ  සම කැඳවුම් කරු දඹර අමිල හිමියෝ පැවැසූහ.

ඊයේ (15/02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එහිමියෝ මේ බව පැවසූහ.

සරත් ෆොන්සේකා මහතා බිය නැති කාර්යක්ෂම පුද්ගලයෙකු බවත් එනිසාම සය මසක් ගතවෙත්ම "හොරු අල්ලා දෙනු ඇති" බවත් අමිල හිමියෝ  එහිදී කියා සිටියහ.

රාජපක්ෂ පාලනයේදී දූෂණ හා වංචා සිදු කළ පුදගලයින් සොයා යන ගමනේදී පොලීසිය හා  ආරක්ෂක අංශ සීරුවෙන් තැබිය යුතු බවද උන්වහන්සේ පැවසූහ.

එමෙන්ම දුමින්ද දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යධුරයෙන් වහාම ඉවත්  කරන ලෙසද දඹර හිමියෝ රජයට බලපෑම් එල්ල කළහ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now