SKIP TO MAIN CONTENT

වික්ටෝරියානු ප්‍රාන්තයේ දෙවැනි කොරෝනා රැල්ලට 99% ක් වගකිව යුත්තේ විදෙස්ගතව සිට හෝටල් නිරෝධායනය සඳහා පැමිණි පුද්ගලයින්

The Honourable Jennifer Coate AO is seen during the COVID-19 Hotel Quarantine Inquiry in Melbourne, Monday, July 20, 2020.
The Honourable Jennifer Coate is seen during the COVID-19 Hotel Quarantine Inquiry in Melbourne, Monday, July 20, 2020. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

වික්ටෝරියානු ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන වැඩසටහන පිළිබඳ සිදු කෙරෙන විමර්ශනය හමුවේ අද වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත රෝග  විද්‍යාඥයෙකු වන වෛද්‍ය Charles Alpren පෙනී සිටීමට නියමිතය.

COVID-19 වයිරසයේ ස්වභාවය, ආසාදන පාලනය, COVID-19 ආසාදිතයින් සොයා ගැනීම සහ ජානමය පරීක්ෂණ පිළිබඳව සාක්ෂි ඔහු විසින් එහිදී ලබා දෙනු ඇත.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා දෙවැනි රැල්ලට 99% ක්ම වගකිව යුත්තේ විදෙස් ගතව සිට වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණ හෝටල් වල නිරෝධායනය වූ පුද්ගලයින් බව ඊයේ මෙම කමිටුව හමුවේ පෙනී සිටිමින් Doherty ආයතනයේ ජානමය අනුක්‍රමික ඒකකයේ මහාචාර්ය Ben Howden පැවසීය.

හෝටල් නිරෝධායන වැඩසටහනේ නීති තුන් වරක් උල්ලංඝනය කිරීමෙන් අනතුරුව මෙම වයිරසය වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරට නැවත එක්වී ඇති බවද ඔහු එහිදී පැහැදිලි කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now