SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ පාසල්වල පවත්වන NAPLAN පරීක්ෂණයේ අනාගතය තීන්දු කරන්න ප්‍රාන්ත හා ටෙරිටරි අධ්‍යාපන අමාත්‍යවරු අද රැස් වෙයි.

NAPLAN Test
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ පාසල් වල පවත්වන  NAP-LAN පරීක්ෂණයේ අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීමට ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රාන්ත හා ටෙරිටරි අධ්‍යාපන අමාත්‍යවරු අද (22/06) රැස්වීමට නියමිතය.

මෙතෙක් කලක් පැවති  NAP-LAN පරීක්ෂණය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට  බලධාරීන් යෝජනා කර ඇති අතර ඊට සහය ලබා දෙන ලෙස ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රාන්ත හා ටෙරිටරි අධ්‍යාපන අමාත්‍යවරුන් හට පීඩනයක් එල්ලවෙමින් පවතී.

කෙසේවෙතත්, NAP-LAN පරීක්ෂණය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීම වර්ජනය කරන ලෙසට ඡන්දය ලබා දෙන ලෙස ක්වීන්ස්ල්නත ගුරුවරුන්ගේ වෘත්තීය සමිති සාමාජිකයින් ඉල්ලා සිටියි.

වසර 10 ක් පැරණි දැනට පවතින NAP-LAN පරීක්ෂණ ආකෘතිය වෙනස් විය යුතු බවට බොහෝ දෙනා මත පළ කරයි.

මේ අතර NAP-LAN පරීක්ෂණ ආකෘතිය පිළිබඳ නැවත විමසා බැලීමකට සිදු කළ ඉල්ලීමට තමන් සහය දෙන බව විපක්ෂයේ  අධ්‍යාපනය පිළිබඳ නියෝජිතවරිය වන Tanya Plibersek පැවසුවාය.

කෙසේවෙතත්, NAP-LAN පරීක්ෂණයේ අනාගතය කෙසේ විය යුතු දැයි තමන් විවෘතව සාකච්ඡා කිරීමට ඕනෑම වෙලාවක සූදානම් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now