SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු පළමු ටෙස්ට් තරගය : පළමු දිනයේදීම ශ්‍රී ලංකා පන්දු යවන්නෝ වැඩ අල්ලති.

Sri Lanka tour of South Africa
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ Durban හිදී ඊයේ ආරම්භ වූ ප්‍රථම ටෙස්ට් තරගයේ ප්‍රථම දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 49 ක් ලබා සිටියි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානුවෝ ලකුණු 235 කට සියලු දෙනා දැවී ගියහ.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු කඩුලු 4 ක්ද කසුන් රාජිත කඩුලු 3 ක්ද ලබා ගත්තෝය.

පිළිතුරු ඉනිම ලෙස සිය පළමු ඉනිම ඇරඹු ශ්‍රී ලංකා පිළේ පළමු කඩුල්ල ලෙස ලහිරු තිරිමාන්න ලකුණු නොලබාම දැවී ගියේය.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 28 ක්ද ඕෂධ ප්‍රනාන්දු ලකුණු 17 ක්ද ලබා මේ වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටිති.

අද (14/02) තරගයේ දෙවැනි දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now